බන්දුලගේ ඇමතිකමෙන් කොටසක් ගලවයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට පවරයි..

January 25, 2020 at 12:00 pm | lanka C news
බන්දුලගේ ඇමතිකමෙන් කොටසක් ගලවයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට පවරයි..

බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ එම ආයතන ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවරේ.

– lankadeepa

40,386 Viewers

12 Comments to “බන්දුලගේ ඇමතිකමෙන් කොටසක් ගලවයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට පවරයි..”

  1. කොණ්ඩ කැවුමා says:

    ඒකත් පවුලට… දැන් සැපද බන්දුල තුමෝ…

    • ගරසරප says:

      පවුලට බැරිනම් වාහෙට උනාවෙ පහුගිය කාලෙවගේ අවුලක් නැතුව කරගෙන යන්න ඕන විදිහක්.

    • Kiribatha says:

      ඇයි උඹට අවුල්ද?

    • Nish says:

      නායකයෝ කියන්නෙ වගකීම් ගන්න එවුන්ට තමයි. කොහෙද ඉතින් උබලා මයිත්‍රීපාලටත් චන්දෙ දුන්නු එවුන්නෙ

  2. appuhamy says:

    මොහු උසස් අද්‍යාපන ඇමති තනතුරේ සිටිම ගෝටාබය ජනාදිපතිතුමාගෙ උසස් අද්‍යාපන වැඩසටහනට හා දේශපාලන ක්‍රියාවලියට කිසිසේත් නොගැලපෙ, මිලඟ මැතිවරනයෙ මහනුවර පොහොට්ටුව පරාදවන්නෙ මොහු නිසාය – එය සිදු කරන්නෙ සිරිකොතට අවශ්‍ය වැඩටික පෙරදෙනියේ දත් දොස්තර හා අර රුසියාවට යවන් ලමයා-වන්සයා හරහාය

  3. Love nature says:

    සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්.

  4. අක්බාර් ලොක්කා says:

    විමල් , බන්දුල ,ගම්මන්පිල ,ජී.එල්. පොහොට්ටුව හදනකොට විශාල වැඩ කොටසක් කල අය . දිනුවට පස්සෙ ඒ අය හලල යන්න ගියොත් වැඩ් දුරක් යන්න වෙන එකක් නෑ.

  5. jagath says:

    [who is the defense minister.

  6. Saman says:

    මොන IT ද Forces vala හ හා ගොබ්බ දාස ල නෙ ඉන්නෙ

    • මාතුපාල says:

      ලෝකේ හතරවන විශාලම හමුදාව වන ඉන්දියානු හමුදාවටත් පරද්දන්ඩ බැරිවෙච්ච  

      වේලුගෙ මහා බලගතු ත්‍රස්ත ගැන්ග් එකවත් නන්දිකන්ඩාල් යවන්ඩ පුලුවන්වුනේ
       
      උඹ ඔය කියන ගොබ්බ දාසල කට්ටියට තමයි, බැල්ලිගෙ පුතෝ.

  7. Kevin says:

    ඉතා හොද තීරණයක්. ජනාධිපතිතුමා කෙලින්ම ඒ වැ ඩ ටික බලන්න හදන්නේ. ඒ ටික තමයි ඇත්තටම ඉස්සරහට ඕන..

  8. samantha says:

    ආරක්ශක අමාත්‍යංශයට මේවා පවරා ගන්නෙ එන්න එන්න ආරක්ශාවට නව සනනිවේදනය බාධාවක් වෙන නිසා. එතකොට ඉතින් අනිවාර්‍යයෙන්ම පුරවැසි අයිතිය භාශණ නිදහසට ඒක බල පානවා. ඒත් දැනට අපෙඅ පද්ධති සෑහෙන්න අනාරක්ශිතයි. ගොඩක් වැඩ ඔන් ලයින් කරන්න ගියොත් හැකරුවෙක්ට රජයම අවුල් කරන්න පුලුවන්. බලයත් පුද්ගලිකත්වයත් ආරක්ශාවත් යන තුනම අතර ගේම් එකක් මේක. අපි හැමදේම දිහා ටිකක් මධ්‍යස්තව බලමු. ටෙලිකොම් නියාමනයත් තියන්නෙ කමල් ගුණරත්න අතේ. ටෙලිකොම් එක වරුණි අමුණුගමගෙ මහත්තයා අතේ. ජනපති තමන්ට කිට්ටු අය තොරතුරු තාක්ශණ පැත්තෙ තියාගන්න යන්නෙ ඔහුට එහි පාලනය අවශ්‍ය නිසා වෙන්නම ඕන.

Main News