බන්දුලගේ යෝජනාවට අගමැති විරුද්ද වේ..

October 8, 2020 at 5:30 pm | lanka C news
බන්දුලගේ යෝජනාවට අගමැති විරුද්ද වේ..

“කංසා”  හා අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීම පිළිබඳ පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට රජය කටයුතු කරන බවත්, එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

පාර්ලිමේන්තුවේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ 07 දින  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.

“කංසා”  භාවිතයේ කායජීවි මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති බව ද අගමැතිතුමා පැවසීය.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන “කංසා” ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදු කරන අතර,  නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා,

ගරු කථානායකතුමනි,

මත්පැන්/දුම්වැටි හා මත්ද්‍රව්‍ය අද වන විට මුළු මහත් ලෝකය පුරා ව්‍යාප්තව පවතින වසංගතයකි. කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍යමය හේතූන් හා ආර්ථිකමය බලපෑම වටහා ගැනීමත් සමඟ වර්තමාන සමාජය දුම්වැටි භාවිතයෙන් ඈත් වෙමින් සිටීම සතුටට කාරණයකි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු  පාර්ශ්වකරුවන්ගේ දිර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස අද වන විට දුම්වැටි භාවිතය අඩු වීම සමාජය තුළ දක්නට ලැබෙනවා.

නමුත්, දුම්වැටි අලෙවිය පහත වැටීම සම්බන්ධයෙන් සාක්ෂි පැවතුණ ද, ඒ සඳහා දේශීය වශයෙන් දුම්වැටි සඳහා විකල්ප නිෂ්පාදන සොයන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, “කංසා”  ද ඒ සඳහා හොඳම විකල්පයක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැත.

ගරු කථානායකතුමනි

නමුත්, වර්තමානයේ දී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් “කංසා” සම්බන්ධ ධනාත්මක ආකල්ප සහ මිත්‍යා මත ඇති කරමින් සාමාන්‍ය ජනතාව වෙතට මේ වන විටත් විද්වත් වෘත්තිකයින් සහ විවිධ පුද්ගලයින් කටයුතු කරගෙන යන බව පෙනී යනවා.

මත්ද්‍ර‍ව්‍ය දුර්භාවිතය නිවාරණය කිරීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍ර‍තිපත්තියට අනුකූලව හා රජයේ මත්ද්‍ර‍ව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සැලසුම ක්‍රියාවට නැංවීම යටතේ “කංසා” නීතිගත කිරීමට කිසිඳු ආයතනයකට ඉඩ ප්‍ර‍ස්ථාවක් ලබා දී නොමැත.

විවිධ පුද්ගලයන් හා ආයතන වෛද්‍යමය කාර්යයන් සඳහා “කංසා” වගා කිරීමටත්, ආනයනය කිරීමටත් ඉල්ලා තිබෙනවා. එයට අමතරව, ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ද ඔවුනට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් නිපදවීම සඳහා නිසි ප්‍ර‍මිතීන්ගෙන් යුත් “කංසා”   ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.  එම නිසා, 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පනතේ 8 වන වගන්තිය ප්‍ර‍කාරව “කංසා”  ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමට ඇති හැකියාව සහ එහි අහිතකර බලපෑම පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කර ඇත.

“කංසා”  භාවිතයේ කායජීවි මනෝ සමාජීය හා අනෙකුත් අහිතකර ප්‍ර‍තිවිපාකයන් පිළිබඳව පණිවිඩය ජනතාව වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍ර‍ව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති අතර, සමාජ මාධ්‍ය ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ සිදු කරනු ලබන “කංසා” ප්‍ර‍වර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග, විමර්ශන කටයුතු සිදු කරන අතර,  නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරනවා.

“කංසා”   හා අනෙකුත් මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය හා වෙළඳාම වැළැක්වීම පිළිබඳ පවත්නා යාන්ත්‍ර‍ණය ශක්තිමත් හා වේගවත් කිරීමට අප රජය විසින් කටයුතු කරගෙන යන අතර, එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ද සමාජය දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා.

මත්ද්‍ර‍ව්‍ය නිවාරණය සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහන් පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන, වැඩබිම් ඇතුළු ඉලක්කගත සමාජයීය කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්තව සිදු කරමින් සිටින අතර, පාසල් ගුරුවරු හා ගුරු උපදේශකයන් සඳහා වන දැනුවත් කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනව’ යැයි අග්‍රාමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නේය. 

රොහාන් වැලිවිට

88,668 views

13 Comments to “බන්දුලගේ යෝජනාවට අගමැති විරුද්ද වේ..”

  1. Hudson says:

    Bandula is F idiot. not a single person to call educated in this government.

    • අපි ගොන්නු නොවේ....! says:

      එතකොට දුංකොළ…..විස නැතිද?

  2. saman says:

    ගංජා ගහන්නත් ජීවත්වෙලා ඉන්න වෙනවා .දේශපාලන හෝ ආර්ථික තීන්දු නෙමෙයි ජනතාවගේ ජිවිත ආරක්ෂාව ගැන මුල්තැන දෙන තීන්දු ගන්න . එහෙම තීන්දු ගන්නේ ජන්දේ කාලෙට විතරද?

    මිට පෙර මිට වඩා බෙහෙවින් අඩු අසාධිතයන් වාර්තා වන තත්වයක රටම වැහුවා . එත් අද තාම එහෙම නැ . මේ තත්ත්වය පාලනයට හොඳම දේ රටම නැවත වැසිමයි

    • fass says:

      Eeta passe ke gahapan kanna bonna ne rata erapan kiyala… Rassawal nethi unama ayeth udgoshana karapan… Minissu parata bassapan. Ethakota sadakalika viplawaya

    • Pabulina says:

      සමයන්, උඹ ජනාදිපති උන දාක උඹට හොඳ දේ කරපන්.මේ යන විදිහ අපට හොඳයි.රටට හොඳයි

  3. කාන්තාර පළඟැටියා says:

    මේ වෙනුවෙන් උනන්දු අය හිතන් ඉන්නේ ලෝකයේ මෙඩිකල් කැනබිස් වලට අහේනියක් තියෙනවාය කියලා. කංසා වල උනත් ඊට යොදාගන්නා ප්‍රභේද තිබෙනවා. දැඩි ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරලා ලෝකයේ දියුණු රටවල් ඇතිපදමට එව්වා නිෂ්පාදනය කරගන්නවා. මේකත් බන්දුල ඇමැති තුමාට “ග්‍රැපීන්” ගැන දුන්නු ලණුව වගේම එකක්. එතුමා කිව්ව ගැපීන් ගාණට වඩා හුඟක් අඩුයි ලෝක වෙළඳපලේ ගැෆීන් ටොන් එකක මිල. අනික චීනය ඉන්දියාව වගේ දැවැන්ත රටවල් එක්ක අපට ග්‍රැපීන් නිශ්පාදනයේදී හැප්පෙන්න තියා හිතන්නවත් බෑ. ඒවගේම තමා මේ යෝජිත කංසා වගා ව්‍යාපෘතිය.

  4. කියව හෙලයින්ගේ පොත් පත්..! says:

    “ කංසා” ශාකය ඖෂධයක්”….!!!

    “කංසා” ශාකයේ ඖෂධීය වටිනාකම, සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරව..! “මත්පැන්” “දුම්වැටි” ” මත්ද්‍රව්‍ය” සම්පුර්ණයන් තහනම් කරව..!

  5. කංසා යනු ඖෂධයක් ..මහගු ඔසුවක්…. ! says:

    බොල බුරුමාත්‍ය …..!

    බටහිර මිනිස්සු ගංජා වලින් විවිද නිෂ්පාදන හදුන්වාදෙමින් එය ප්‍රචලිත කරනව..
    අපේ මිනිස්සු තාමත් දුපත් මානසිකත්වය කරපින්නාගෙන දගලනවා…! .

  6. ප්‍රථමයෙන්ම මේ කංසා වලින් වන නරක දෙය කුමක්ද හොදදේ කුමක්ද කියා සමාජයට දැනුවත් කරන්න. මෙම කංසා යනු දේශීය වෙදකමේ මුදුන්මල්කඩ වැනි අයුෂධයකි. දේශීය වෙදකමට කණකොකා හැඩුවේ 1943 දී මෙම ශාකය ටහනම් ශාකයක් ලෙස නම් කිරීමෙන් පසුවය. මෙම ගස නිර්මාණය කලේ ස්වාභාධර්මයා විසින් මිස දේශපාලකයන් හෝ කුඩු වෙළදුන් විසින් නොවේ. මේ කතාකරන පතිරණ බටහිර වෙදකම ඉගෙනගන්ට ගොස් ගෙදර නැවතුන මෝඩයෙකි. මෙම කංසා භාවිතය නිසා ඇබ්බැහි වීමක් හෝ මිනිසුන් දරුණු හෝ ආවේගශීලී වීමක් සිදුනොවන බව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පවා ඔප්පු කර ඇත. මෙම පරීක්ෂණ කඩාකප්පල් කිරීම සදහා අසාමාන්‍ය මුදලක් මුදලක් NGO නද හා දේසපාලුවන් හට ඖෂධ කොම්පැනි මගින් පොම්ප කරමින් සිටී. ඒ ඔවුන්ගේ මාෆියාවට බලවත් පහරක් එල්ලවන බැවිනි. මේ කතා කරන උන් අඩුම වශයෙන් වෙබ් එකට හෝ ගොස් කුණුහරුප නොබලා මේ ගැන සොයා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද බටහිර ලෝකයේ රටවලද අසාමාන්‍ය ලෙස මෙම කංසා වලින් නිපදවන බෙහෙත් නිර්දේශ කරනු ලැබේ. එලෙසම අතිමහත් ජනකොටසක් නිර්දේශ නොමැතිවද මෙම කංසා වලින් නිපදවන දේ භාවිතා කරති. විශේෂයෙන් කැනඩාව, ජර්මනිය , ඊශ්‍රාලය,ඔස්ට්‍රලියාව වැනි මොලය තියෙන දේශපාලකයන් සිටින රටවල මෙය භාවිතයට නීතියෙන්ම අවසර දී ඇත. ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත වල මෙය භාවිතය හෝ වගාකිරීම තහනම් නැත. පසුගිය වසරේ කංසා වලින් කැනඩා රජයට ලැබුණු බදු මුදල ඩොලර් බිලියන 35 ක් ලෙස රජයේ වාර්තා වල සදහන් වේ. මීට අමතරව මෙම රටවල තහනම් මත්ද්‍රව්‍ය භාවිතයේ පැහැදිලි අඩුවීමක් කංසා භාවිතය නිසා සිදුවී ඇති බව පරීක්ෂණ මගින් පෙන්වා ඇත. මෙම ශාකයේ කිසිම අයිතියක් ඉහත කී රටවලට නැත. මෙය ආසියාවට අයත් ගසකි. උන් වැඩ ගන්නවා අපි හුල්ලනවා.

  7. බුරුමාත්‍ය කලු සුද්දා..! says:

    බුරුමාත්‍ය කලු සුද්දා..!

    බුරුමාත්‍ය, කලු සුද්දාගෙන් රට බේරා ගැනීමට එක් වෙමු..!!
    ජය ශ්‍රී…!!!

  8. බුරුමාත්‍ය කලු සුද්දා..! says:

    ආණ්ඩුව පිරිහෙනවා……………!!!

    බුරුමාත්‍ය, කලු සුද්දාගෙන් රට බේරා ගැනීමට එක් වෙමු..!!
    ජය ශ්‍රී…!!!

    • අනේ යකෝ තොගේ කමෙන්ට් එකෙන්ම පෙනෙනවා තොට මොලය කළදක් නැති බූරුවෙක් කියලා. රටක අගමැති කෙනෙකුට හෝ ඇමති කෙනෙකුට කෙලින්ම කියන්ට පුලුවන්ද තහනම් දෙයක් හොදයි කියලා. තෝ එළිවෙනකම් මේකේ කෙටුවත් ඒටික තේරෙන හරකෙක් නොවේ. බූරුවෙකුට කොහෙද බෝල ඔලුවක්. බූරුවා බූරුවාමය.

  9. බන්ඩා says:

    දැන් ටික කාලෙක ඉඳලා ආචාරි වෙලා බන්දුලගෙ මොලේ කචල්.

Main News