බන්දුලට කොරෝනා නිසා කොරෝනා මර්ධන බලකාය අවදානමක.. ඩලස්-ලලිත් නිරෝධායනයට.. කෙහෙලිය පරීක්‍ෂණයකට..

August 28, 2021 at 10:02 pm | lanka C news
බන්දුලට කොරෝනා නිසා කොරෝනා මර්ධන බලකාය අවදානමක.. ඩලස්-ලලිත් නිරෝධායනයට.. කෙහෙලිය පරීක්‍ෂණයකට..

වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වී සිටි අතර ඔහු ආසාදිත බව හදුනා ගන්නා ලද්දේ පස්වරුවේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම හමුදාපති පොලිස්පති ඇතුළු ප‍්‍රධානින් පිරිසක් සහභාගී වී සිටියහ.

මේ හේතුවෙන් කොරෝනා මර්ධන බලකාය අවදානමකට ලක්ව ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

තමන් කොරෝනා පරීක්‍ෂාවට ලක් වූ බවත් ආසාදිත නොවූ බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.

59,893 views

13 Comments to “බන්දුලට කොරෝනා නිසා කොරෝනා මර්ධන බලකාය අවදානමක.. ඩලස්-ලලිත් නිරෝධායනයට.. කෙහෙලිය පරීක්‍ෂණයකට..”

  1. මෝඩ බයියා says:

    ඕක පොඩි උණ හෙම්බිරිස්සාවක් සෑර් අපේ බදු සල්ලි අපිව උකස් කරල ගත්තු ණය සල්ලි වියදම් කරල ප්‍රයිවෙට් ඉස්පිරිතාලවල ලගින්න කාරනාවක් නෙමේ අපි නෙමේ ඕන් ඔහේලගෙ කැබිනෙට්ටු ගජයා එස් බී තමා කියන්නෙ ඕක ගානකට ගන්න එපා කියල

    • ඇස් B ලොක්කා says:

      අසීමිතව academic බොරු කීමෙන් අහිංසක ජනතාව මුළා කිරීමෙන් පසුව ඔහුට ඇතිවූ සුළු සෙම් රෝගයක් විය හැක

      කෙසේ වෙතත් මෙතුමාගේ මහා උගත් බව ලංකාවේ ජනතාවට මනාව තහවුරු කරගෙන ඇති බැවින් ඉක්මන් සුවය පතමු

  2. Power says:

    කොරෝනා මර්ධන බලකායත් අවදානමක වැටුණා නම්, රටේ ජනතාව වූ අපි ගැන කවර කතාද. 😂

    • sunimal says:

      ජනතාව රැවටීමට කරන දේශපාලන බොරු ප්‍රචාර .. මේ ආණ්ඩුවේ දේශපාලකයෝ සෑම දෙනෙක්ම ලෝකයේ හොදම covid එන්නත ,ඔවුන්ට එන්නත් කරගෙන ඇති …..ඔවුන්ගේ පවුලේ උදවියටත් හොදම එන්නත් ලබා දී ඇත …ජන්ද පොරොන්දු දුන්නා වගේම දැන් කොරෝනා රැවටිලි

  3. රටේ ජනතාව පින් කරලා තියෙනව නම් ඔය බලකායටම කෝවිඩ් හැදෙන්න ඕන

  4. Priyantha says:

    වෛරසයක් හැසිරෙන අන්දම ගැන අවබෝධයක් නැති ගානටයි වැඩ….ආර්ථිකය ගැනම කියමින් ජනතාව අනතුරේ හෙළා ඇත….අවදානම බලකාය ලඟටම පැමිණ ඇත…

  5. dsp says:

    මේ දවස් වල වැඩ කරන සාමාන්‍ය ජනතාව දෙතුන් දෙනාගෙන් පළමු පෙළ අශිතයෝ වෙලත් හැමදාම වැඩට යනවා. නිරෝදයනය වෙන්න බෑ..එහෙම නිරෝදයනය කරොත් අත්‍යවශ්‍ය රාජකාරි කරන්න කට්ටිය නැති වෙනවා. මෙයාලගේ මේ එක්කෙනෙක්ගෙන් පළමු පෙළ අශිතයෝ වෙලා දහලන දැගලිල්ල…..

  6. ඈ. කේ. පුරියරත්න says:

    මුන් ඔක්කොම තොලංචි වෙලා සෙට්ට්ට පොච්චි වෙන්වනම් මේ කොරෝනා ආශිර්වාදයෙන් හෝ. ඇත්තෙන්ම රටක් පාලනය කරන්න මේ ජනතා බදු මුදල් කාබාසිනියා කරන කාලකන්නි 225 ඕනාමද ?

    • Ravana parapura says:

      රටට වින කරන සෑම පුද්ගලකුටම ස්වභාව දර්මයෙන් දඩුවම් ලැබෙනු ඇත ..හොදම උදාහරණය මංගල ..

  7. තොපි ඔක්කොම ටික කොරොනා හැදිලා මකබෑවෙලා පලයල්ලා රටට යහපතක් වෙන්නෙ කාලකන්නි කටාර් වල අපි

  8. LalithM says:

    උද්දච්ච කම පිරුණ අනාගත්ත රජුගේ ඇමතියන්ට හෙන්චයියන්ට මරබිය ඇතිකල බන්දුල ආචාරිට ජනතා ප්‍රණාමය. ඒත් අපි පතනවා මහජන සතුරන් වුවත් සැමට කරදරයක් නොවේවා කියල.

  9. nimalsiri says:

    aparaade ara sanni 7 1/2 k moonen pennana adukule sakkiliya rambukwellayata corona petalune nethi ekagena.
    bandulahari vitinvita avshya deyak kiyanavaa. namuth mekaanam gal bindawage indagena, vaachaalayawage
    boru pada showa daanavaa misa, mu hitiya amaathyaansawala wedawaluth hariyata keruwe nehe. ithin moo
    thuranwelaa giyothin coronaa lankaawen baagayakma giyaa kiyala janayaa sathutuwennata hekiyaava thibunaa

  10. nimal says:

    me health minister mona tharam modayak da arashithak meet unama aduma gana 1 week wath idala oni test eka keranne…

    me wage gobbeyek amathi unahama helath eke ta mokada wenne… Basic 1k wath danna nati modayanta wageek denne epa.