බන්දුල ආර්ථික විද්‍යාව කණපිට හරවයි.. පොල්ගෙඩි දෙකක කිරි පොල්ගෙඩි දෙකට වඩා මිල අඩුවට දෙයි…

December 31, 2021 at 10:22 pm | lanka C news
බන්දුල ආර්ථික විද්‍යාව කණපිට හරවයි.. පොල්ගෙඩි දෙකක කිරි පොල්ගෙඩි දෙකට වඩා මිල අඩුවට දෙයි…

පොල් ගෙඩි දෙකක පොල් ඇතුළත් නව පොල් කිරි පැකැට්ටුවක් ලබන සතියේ සිට වෙළද පොළට නිකුත් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

මේ නව පොල් කිරි පැකැට්ටු වත්මන් පොල් ගෙඩි දෙකක මිලට අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවද ගුනවර්ධන මහතා කීවේය.

ශ්‍රී ලංකා සතොස හරහා මේ පොල් කිරි පැකැට්ටුව වෙළද පොළට නිකුත් කරන බවද ගුණවර්ධන මහතා කීවේය.

මීට සමගාමීව වෙළද පොලේ පවතින මිලට වඩා අඩු මිලකට වතුර බෝතල්ද ලබන සතියේ සිට සතොස හරහා ලබාදෙන බවද ගුණවර්ධන මහතා කීවේය.

සතොස 441 වැනි ශාඛාව රත්ගම මාවඩ්විල ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ගුණවර්ධන මහතා මේ බව කීවේය.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
– ADA

60,738 views

18 Comments to “බන්දුල ආර්ථික විද්‍යාව කණපිට හරවයි.. පොල්ගෙඩි දෙකක කිරි පොල්ගෙඩි දෙකට වඩා මිල අඩුවට දෙයි…”

  1. The Funeral Director says:

    කිරි දොවපුවද ? මිරිිකපුවද ? මෙයා නිතරම ඔල්මාද වැඩ වලට මාර පුසිද්ධ හින්ද නිකමට ඇහැවිවෙ.
    මිරිකපුවා නමි, ඉතුරැ වෙන පොල් කුඩු වලින් පුන්නක්කු හදලා………
    එක්කො එපා…..

  2. මෝ says:

    පව්ලකට රුපියල් 2500කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියපු පොල්කවුඩ එකට දෙකක් වතුර,දාල දියකිරි පැකට්ටුවක් එව්වෙ නැත්තං බලාංකො.අර ගෑස් එකට ගේම දුන්නෙත් ඕකගෙ අයිඩියා එකකට වෙන්න බැරිනෑ..

  3. Saranga says:

    Watuna aduwata dena eka hodai mokada polin wala innakota bonna puluwan. Dan wath kalakanninta paschat bage dena eka nawathanna

  4. Hitan says:

    Pol gediye ahaka yana dewal tika ප්‍රයෝජනයක් thiyena dekata gannawanan aduwen denna puluwan.
    Dessicated Coconut, pol katten activated carbon wage dewal.
    Karanawanan goda yanna puluwan wedak. 👍

  5. susaaustralia says:

    hahaha me yaka mara game ekak denna hadanne pol kiri walata monawa hari mix karala denna yanne me yakku hemadama karanne ape minissu ekka sellam karana eka pol gedi denna berinam kohomada yako pol gala kiri karala eganata =denne ona gonekuta therenawa mekath me awalan abwyakashen apu alien munak thiyan ekakage Rs 1500 kanna puluwam kiyapu eka wage thamai

Main News