බන්දුල, විමල්, ගම්මන්පිල චම්පික සමග රහස් සාකච්ඡාවකද..

January 19, 2021 at 3:00 pm | lanka C news
බන්දුල, විමල්, ගම්මන්පිල චම්පික සමග රහස් සාකච්ඡාවකද..

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා සමග කිසිදු දේශපාලන සංවාදයක් පවත්වා නොමැති අතරම ඉදිරියට ද එසේ පැවැත්වීමට අදහස් නොකරන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන් පමණක් නොව තම සමීපතම මිතුරෙකු වන විමල් වීරවංශ, සිය ගුරුවරයෙකු වන බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් පිළිබඳව ද තමන්ට එම සහතිකය ලබා දිය හැකි බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් චම්පික රණවක මන්ත්‍රිවරයා සමග නව දේශපාලන සන්ධානයකට සූූදානම් වන්නේ දැයි ඊයේ දින (18) හිරු සලකුණ වැඩසටහනේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

තමන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා නියෝජනය කරමින් මොහොමඩ් මුසාමිල් මන්ත්‍රිවරයා සමග වරාය වෘත්තීය සමිති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලුව සාකච්ඡා කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙම ගැටලුව රටට හිතකර ආකාරයෙන් විසදා ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා රජය තුළ අභ්‍යන්තර සංවාදයක් මේ මොහොතේ සිදුවන බවත් ප්‍රකාශකර සිටියේය.

චම්පික රණවක මන්ත්‍රිවරයාගේ 43 සේනාංකය, රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය ඇතුළු කාලීන දේශපාලන කරුණු රැසක් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

86,632 views

23 Comments to “බන්දුල, විමල්, ගම්මන්පිල චම්පික සමග රහස් සාකච්ඡාවකද..”

  1. මහජනයා says:

    ජනතාව සමග ඔබ ඇතිබව දනිමු.

  2. asha says:

    ape vishwaasaya…..

  3. kasun says:

    sinhala apee awasana balaporothuwa…

  4. B4 UNP now Gota says:

    කුම්බියෝ…..

  5. බන්ඩා says:

    පච රණවක එක්ක රහස් සාකච්වා කරන්න විමල්ලා අඳබාලයොද? අනෙක මනාප 60,000 ක් පමනක් ගත්ත යන එන මං නැති පචයා මොන ගෙම්බෙක්ද.

  6. sansala says:

    jayen jayama wewaaaaaaa…..

  7. Saradiel says:

    පිරිසිදු සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටි චම්පික හිටපු අමාත්‍යවරයා පසු ගිය රජයේ පාලන කාලය තුළ භික්ෂුන් වහන්සේලා හතළිස් එක් නමක් සිරගත කිරීමට දායක වීම සම්බන්ධයෙන් ද භික්ෂු සමාජයෙන් බරපතල විරෝධයක් එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් ද ඉදිරියේදී පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ භික්ෂු සංවිධාන ප්‍රකාශ කරයි .

  8. කුසල් says:

    පචය එක්ක මොන දීගද ඇමතිතුමා. ඔබයි විමලුයි මේ ගෙනියන ආණ්ඩුවේ විපක්ෂය වැඩපිලිවෙල දිගටම කරගෙන යන්න.

  9. දිලිත් says:

    මුන් තුන් දෙනාව ගත්තොත් 43 සේනාංකයත් ඉවරයි.. පැත්ත පලාතෙ වද්දගන්න එපා රාජපක්ශ අපුල්ලන්න්න්ව

    • Nimal says:

      වද්දගන්ට එන්ට එපැයි බං. මෙි මොංගල් ඩැල් එක පස්සේ යන්නේ උඹ වගේ මොලේ කොට මනස විකෘති වෙචිච ක්‍රිමිනල් ඩෑල් විතරයි

      • නිමල් says:

        2024 වෙද්දි බලපන්කො.. මුන් 3දෙනා දණ ගාගෙන එන්නෙ… පරණ යාලුවො ආපහු එකට එකතු වෙයි. රාජපක්ශලගෙ අපුල්ලන්නො වෙනවට වඩා ඒක හොදයි කියලා මුන්ට හිතෙයි

  10. අවධාරණය කරනු ලබයි.! says:

    රටේ ඡාතික සම්පත් විකිනිමට කුට සැලසුම් සකස්කිරිම හේතු කාරනකොට හා රට පාවාදිම හෙතුකොට ඡනාදිපති “ගෝටාගුබය” රාඡදෝහියා ඇතුඵ මහින්ද වංචනික රාඡද්‍රෝහියා ඇතුළු සියඵූම රාඡපකෂ කියාගන්නා රාඡ ද්‍රෝහීන් රටින්, දේශපාලනයෙන් තුරන්කිරිමට අපි දේශීය විදේශිය මහා හෙළහවුල විසන් තී්න්දු කලබව සියලුම රට වැසියන්ට දැනුම්දීමට කැමැත්තෙමු.!

    රටට ඡාතියට ආදරය කරන වැදගත් බු්ධිමත් ඵඩිතර නායකයේ පකෂ පාට බේද චලින් තොරව ඉදිරියේදී ඡනාධිපති බවට පත්කරගැනිමට නියමිතයි! අවධානයෙන් බලා සිටිනන..!
    රාඡපක පවුල විසන් කරන ලබන සියුම පාවාදීම් වලට තරාතිරම නොබල බාල මහළු සියල්ලට අනාගතයේදී දැඩි දඩුවම් වලට ලක්විය හැකි බැවින් පාවාදීමෙන් හා වංචාවන්ගෙන් ඉවත්වීම බදධිගෝචර බව දැඩිව අවධාරනය රන්නෙමු..!
    ඡනාධිපති වහාම මැදිහත්වී ප්‍රකාශයක් සහ පොරොන්දුවක් වරායන් හා ඡාතික සමිපත් සම්බන්ධයෙන් වහාම ලබා දී අනවශ්‍ය ගැටථවලින් නිදහස්වනසේ අවධාරණය කරනු ලබයි.!

Main News