බන්ධනාගාරයේ එවැනි සිදුවීමක් නොවූ බවක් මා කීවේ නෑ..- බන්ධනාගාර කොමසරිස්

September 21, 2021 at 11:20 am | lanka C news
බන්ධනාගාරයේ එවැනි සිදුවීමක් නොවූ බවක් මා කීවේ නෑ..- බන්ධනාගාර කොමසරිස්

පසුගියදා අනුරාධපුර හා වැලිකඩ බන්ධනාගාර වල ඇති වූ සිද්ධීන් ගැන සොයා බලා කටයුතු කරන බව තමන් මාධ්‍ය ලෙස පැවසූ නමුත් ඒ එවන් සිදුවීමක් නොවුණු බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නැතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි.

බන්ධනාගාරවල කිසිදු සිදුවීමක් නොවුණා යැයි තමන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා යැයි සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු කියා සිටියි.

සමාජ ජාලා වන්නේ එවැනි ප්‍රචාරයක් ගෙනයන්නේ ඉකුත් දා තමන් විසින් එක්තරා විද්‍යුත් නාලිකාවක් වෙත කළ ප්‍රකාශයක කොටසක් පමණක් උපුටා දක්වමින් බවද ඔහු පවසයි.

ඉහත බන්ධනාගාරවල සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ අංශ තමා දැනුවත් කර තිබූ බවද එම සිද්ධි පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා තමන් මේ වන විටත් බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කර ඇති බව ද ඔහු සදහන් කරයි.

ඒ පිළිබඳව විමර්ශනය කිරීමක් කිරීම තමන්ගේ වගකීමක් බවද උපුල්දෙණිය මහතා තව දුරටත් කියා සිටියේය.

38,879 views

15 Comments to “බන්ධනාගාරයේ එවැනි සිදුවීමක් නොවූ බවක් මා කීවේ නෑ..- බන්ධනාගාර කොමසරිස්”

  1. Silva says:

    අද කුප්ප සමාජ ජාලා වෙබ් අඩවි තමා රට පාලනය කරන්නේ. තීන්දු තීරන ගන්නේ.

    • මෝඩ බයියා says:

      අම්මො ඔව් ඒ ටික තිබ්බෙ නැහ්නම් දෙරනෙන් අයි ටී එන් එකෙන් දිවයනෙන් සිලුමිනෙන් ඇත්ත නියම තොරතුරු දීල ඇස් පාද ගන්න තිබ්බ නේහ්.දූසිත තක්කඩි පාලකයන්ට මේ සියවසේ තියෙන ලොකුම අභියෝගෙ තොරතුරු හුවමාරුවට වැට බදින්න බැරි කම.

    • රන්වල says:

      මහත්මය දන්නවද සමාජ ජාලා නොතිබෙන්න සහ මේ වෙලාවෙ ජිනීවා වල ලන්කාවෙ මානව හිමිකම් සම්බන්ධ රැස්වීමක් නොතිබෙන්න මෙහෙම සිදුවීමක් වෙන්නෙත් නෑ දන්නෙත් නෑ අස් උන කෙනෙකුත් නෑ.රට ලෝකෙ ගැන ඔයිට වඩා අප්ඩේට් වෙන්න නැත්නම් මෝඩ වහලෙක් වීමේ සම්භාවිතාව වැඩියි.

    • ලොක පුවාන් says:

      උඹ ලොවාන් නේ ද ? නැතිනම් එල්ලුම් ගහ බලන්න ගිය එකී ද?

  2. කැලණියේ නයා says:

    ඔබතුමා දන්නවද ලෝකෙ දියුණු රටවල නව සොයා ගැනීම් කරන වැඩ පෙන්නන ගොඩක් වුර්තිකයන් ලාන්කිකයන් ඒ අය ඇයි අපේ රටට ඒ සේවය නොදී වෙන රටකට ඒක දෙන්නෙ අට පාස් මෝඩ දේසපාලුවෙක් සහ ඌට වන්දනාමාන කරන එහෙයි වහල් රැලක් සතුටු කරන විදිහට ජෝකර්ල වෙන්න බැරි නිසා.

    • PAIN says:

      ඇත්ත.ලංකාවෙ විශ්වවිද්‍යාල වල ඉද්දි අඩු වැඩප්‍රමාණයක් කරපු,තමන්ගෙ ව්‍යාපෘති වල උපරිම සාර්ථක භාවයට යන්න බැරි උන ආචාර්‍ය/මහාචාර්ය සහ ශිෂ්‍යන් පවා විදේශීය විශ්වවිද්‍යාල වල ඉතාම සාර්ථකව තමන්ගෙ පරීක්ෂණ කරගෙන යනවා.විදේශීය පරීක්ෂණ කණ්ඩායම් මෙහෙයවන්නන් විදියටත් කටයුතු කරනවා.
      එහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ මෙරට අයවැයෙන් Research අංශයට එවන අඩු මුදල් ප්‍රමාණය,විශ්වවිද්‍යාල තුල මුල් බැසගත් කුහක දේශපාලනය,තම පරීක්ෂණ වලට කිසිවෙකුගේත් අවධානය යොමු නොවීම සහ ඔබ කියපු හේතුවත් මානසිකව බලපානවා. කිසිම වැඩපිලිවෙලක්,මානව හිමිකම්,හරි නීතියක් නැති හරක් පට්ටියක් ඉන්න රටකට මොන නව නිර්මාණද??

  3. Helaya says:

    උඹ පව් බං. බලපං උබෙ මුහුන.

  4. LalithM says:

    දිවේ ඇට නෑ වගේම මේ වගේ නිලධාරීන්ට කෂේරුවක් නෑ කියල තිබුන එක සහතික ඇත්ත.

  5. වට්ටක්ක MP says:

    පාර්ලිමේන්තු ගිය නුවර වට්ටකයෙක් නිසා රාජ්‍ය සේවයටම ප්‍රශ්න
    උපුල් ට තියෙන්නේ ඇත්ත කීම පමණයි.උඹට ප්‍රශ්නයක් වුනොත් ඉස්කෝලෙන් හරි මැරෙනකල් කන්න බොන්න දෙන්නම්.ඇත්ත කියපන් කියල මේ වට්ටකයා ගෙදර යවපන් .

    බීල ,කුදාර් වෙලා පිස්සු කෙලින උන් ඉන්න ඕනේ අරක්කු බාර් එකේ මිසක් පාර්ලමේන්තුවේ න්වෙඉ ,රටටම හෙනයක්

    • Hi says:

      මුන් වගේ බේබද්දන්ට, දූෂකයන් ට,මිනීමරැවන්ට ,කුඩුකාරයන්ට හොරුන්ට, බාර්කාරයන්ට වැඩිම මනාපයක් දීලා ලංකාවේ නීති හදන තැනට යවන්න පෙලගැස්සුන බහුතර ජනතාවක් සිටීම ජාතියේම අවාසනාව.

  6. බූ බම්බා says:

    මු ලු කොමසාරිස්. හොයාබලන්න කොමසාරිස් කෙනෙක් පත් කලාලු. පුදුම බන්ධනාගාරයක් අප්පා. අනික, ඔය බොරැල්ලේ තියෙන වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර එහෙමම තියන්න, වෙන කොහෙවත් අරං යන්න එපා. චීන්නුන්ට විකුනලා ඉතිරි ඉඩම් ලොහාන් ලා බෙදා ගන්න බැලුවේ.

  7. baමුනා says:

    බේරන්න ගොහින් දුදන්නා
    මේ ඉන්නවා ගලේ පහරපු බලලා….

  8. Jayantha says:

    Moota guti kana muhunak thiyenne

  9. Prisoners also Humans says:

    Dan karanna thibenne, baila kiyanne nathiwa, siddya pilibandawa apakshpaathi pareekshanayak karala, sathya siduweema maadyata nidahas kireemai!

  10. සෙංකඩගල නිළමෙි says:

    උපුල්දෙණියටත් මාර කෙළිය වෙලා තියෙන්නෙ. ඇත්ත කියන්නත් ඔනි. රස්සාව බෙිරගන්නත් ඔනි. යකෝ කොන්දක් තියෙනව නමි ඇත්ත කියපං. මුළු රටටම පිළිකාවක් උන ඔය ඇමතිවරයා ගෙදර යවන්න එඩිතරව නැගී හිටපං. උඹල හිරකාරයින්ට දාන පල්පාටි මූට නොදාන්නෙ ඇයි?

Main News