බන්ධනාගාරයේ තිබෙන වැසිකිලියට යන්න බෑ.. මට කොමඩ් එකක් ඔ්නෑ..- රන්ජන්

July 25, 2021 at 3:19 am | lanka C news
බන්ධනාගාරයේ තිබෙන වැසිකිලියට යන්න බෑ.. මට කොමඩ් එකක් ඔ්නෑ..- රන්ජන්

තමනට බන්ධනාගාරයේ තිබෙන සාමාන්‍ය වැසිකිලි පාවිච්චි කළ නොහැකි බව දැනට බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

තමනට කොමඩ් වර්ගයේ වැසිකිලි පහසුකමක් ලබාදෙන්නැයි ඔහු අවස්ථා කිහිපයදීම තමන්ට දැනුම් දුන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත් මෙතෙක් තමන්ට එම පහසුකම ලබා දී නැතැයි ද රාමනායක හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

තමට දණහිස් වල ශල්‍යකර්මයක් කර ඇති නිසා සාමාන්‍ය වැසිකිලියක් භාවිතා කිරීමට දණහිස් වැඩි වශයෙන් දැමීමට නොහැකි තත්ත්වයක් තිබෙන ඔහු පැවසූ බව වෙදාරච්චි මහතා පවසයි.

37,405 views

22 Comments to “බන්ධනාගාරයේ තිබෙන වැසිකිලියට යන්න බෑ.. මට කොමඩ් එකක් ඔ්නෑ..- රන්ජන්”

  1. Sarath Bulathsinghala says:

    මේ වනචරයාටනම් නම් හතරගාතේ වර්චස් කලත් කොමඩි සපයන්න අවශ්‍ය නැහැ. අනිත් අයට විශේෂ කමක් කලයුතු නැහැ.

    • පොඩි එකා says:

      ඔහොම වයිර කරන්ඩ එපා සරත්.
      හැමෝම මිනිස්සු.
      කකුල් නවා ගන්ඩ බැරුව ඌ රෙන්නෙ කොහොම අමාරුවෙං ද හිතපං.

      අපි හැමෝම එකම මිනිස්සු බං.
      අපි හැමෝම එකයි.
      ඌ ට ලැබුනු ටික ඇති දැං

    • අවෛරී says:

      සරත් , ඔබ වැනි වෛරයෙන් පිරැන මනසක් ඇත්තන් මිය යන්නේ එකතැන්ව අසූචි නාගෙන මෙලොවදිම අපාගතවයි.
      රන්ජන් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට වනචර කමක් කලාද?? සමාජයේ කාටවට්ත් වනචර කමක් කලාද?
      ඔහු සිරගතව සිටින්නේ වනචර කමක් කර නොවේ.

  2. . . . says:

    පව් ! කියලත් බෑ , නොකියත් බෑ .

  3. Hirunika says:

    Give a broken chair with a hole in middle.

  4. Jagath says:

    මොනවා වුනත් මු කියපු හැම දෙයක්ම ඇත්ත. හරිම දුකයි. දුමින්දටනම් AC රූම් එකක් හරි ලැබුනා. මේ වගේ එකෙක් අනිවාර්යෙන්ම පාලිමෙන්තුවේ ඉන්න ඕනේ. හම්බකරපු එකෙක් සහ හොරෙක් නෙමෙයි

  5. Mahee says:

    ඒ කියන්නෙ බැක්සයිඩ් ok වගෙ. ඔය දනිස්ස ඔපරේෂන් කරපු අය ඉන්නෙ ඌ විතරක්ද්ද

  6. කෙප්ප බිමලේ says:

    මම මොහුට විරුද්ධයි. නමුත් මේක ඔහුගේ මූලික අවශ්‍යතාවක්. එය ලබා දිය යුතුමයි.

  7. KP says:

    ඒ ගොල්ලාගෙ ආන්ඩුව තියෙද්දි රන්ජන් සමාජ සේවා අමැති. ආබාධ සහිත වූ පුද්ගලයන් සඳහා කාර්යාලය තිබුනේ ඔහු යටතේ… අන්න ඒ වෙලාවෙ රටේ ආබාධ සහිත පුද්ගලයින්ගේ විශේෂ අවශ්‍යතා මොනවද- බන්ධනාගාර වල, රෝහල් වල, පාසල් වල අබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් මොනවද – කියලා සොයලා බලලා ඒවා වැඩි දියුණු කරන්න තමන්ගේ රාජකාරිය හරියට කලා නම් අද රන්ජන්ට මෙහෙම ඉල්ල ඉල්ල ඉන්න වෙන්නේ නෑ නේ…. වගකීම් දරන මැති ඇමති කාටත් තමන්ගේ රාජකාරිය හරියට කරන එකේ වැදගත්කම පෙන්නන හොඳ අවස්ථාවක් මේක….

  8. p.d gonawardena says:

    කොමොඩ් කන එක තමා එලියේ ඉන්න කාලෙත් කොලේ…………

  9. Rosh .S says:

    මතකද යහපාලනේ ආපු ගමන්ම ආච්චි වැහිච්ච පොන්ස් කෙනෙක් වගේ පන්සලකට පැනලා කොමොඩ් කඩන් කන්න හැදුවා… රත්තරන් කොමොඩ් කියලා… අන්න ඒකෙ ආනිසංසෙ තමයි ඔය!!!

Main News