බන්ධනාගාරයේ විශේෂ කුටියක් සූදානම් කරයි… කිඹුලෙක් පිලිගන්න රැදවියන් සැරසේ..

December 25, 2019 at 9:20 am | lanka C news
බන්ධනාගාරයේ විශේෂ කුටියක් සූදානම් කරයි… කිඹුලෙක් පිලිගන්න රැදවියන් සැරසේ..

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ පුද්ගලයන් සඳහා ඇති සිර කුටියක් සූදානම් කරමින් ඇති බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ මෙහි පිරිසිදු කිරීම් සිදුව ඇතැයි සඳහන්ය.

දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමති චම්පික රණවක මහතා ද රදවා තිබුණේ මෙහිය.

පසුගිය ආණ්ඩුව සමයේද බන්ධනාගාරගත කරන ලද බොහෝ ප්‍රභූ පුද්ගලයන් රඳවා තිබුණේ මෙම සිරකුටියේ වෙයි.

බන්ධනාගාර රැඳවියන් අතර ඊයේ සාකච්ඡා වෙමින් ඇතැයි පැවැසෙන්නේ විශේෂ ඝණයේ කිඹුලකුට එය සූදානම් කරන බවකි.

කෙසේ වෙතත් බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේ එක් සිර කුටියක් නොව සියලුම සිරකුටි බන්ධනාගාරයේ කාර්යයක් ලෙස නිතිපතා සූදානමින් ඇති බවත් ඒවා පිරිසුදු කරන බවත් එය සාමාන්‍ය කාර්යපටිපාටිය මිස විශේෂ සූදානමක් නොවන බවත්ය.

208 views

6 Comments to “බන්ධනාගාරයේ විශේෂ කුටියක් සූදානම් කරයි… කිඹුලෙක් පිලිගන්න රැදවියන් සැරසේ..”

  1. හාවා says:

    බඩුම තමා !

  2. Jee says:

    Ane manda
    CID yata para hoya ganna bari welada
    Iye indan
    Nattiyakda meeee
    Api gonnu wage bala innawa
    Mun okkoma apiwa rawattanawa..

    • Alapaluwa says:

      මේ කලකන්නියව අල්ලා තබන්න වරෙන්තුවක් උසාවියෙන් දීලාත් අයි තවත් ප්‍රමාද කරන්නේ මොකද වරෙන්තුව සමග නැකතුකුත් දුන්නද උසාවියෙන් නිකම් විහිළු නොකොට ගිහින් කුදලන් එන්න.අපිට මේ කිරිබත් ටික ඉක්මණට ලිපේ තබන්න අවශ්‍යයි.

    • ඩපයා says:

      කතාව ඇත්ත. රියැලිටි ටීවී ශෝ එකක් වගේ නිව්ස් වලට චම්පිකයා රාත්‍රියේදී ගෙදරින් කුදලන් ආපු එක මහා ලොකුවට පෙන්නුවේ දවස් 2 පස්සේ ඇප දෙන්න වෙන්නැති. රාජිතගේ එකත් අපිව අන්දන රංගනයක් වගේ පේන්නේ. දැන් කී දවසක් කිව්වද අල්ලනවා අල්ලනවා අල්ලනවා කියලා එවගේම කීදෙනෙක් කිව්වද මූ කරපු හොරවැඩ ඔප්පු කරන්න නිශ්චිත සාක්ෂි තියෙනවා කියලා. ඉතින් තව මොන ලබ්බක්ද අල්ලන්නේ නැතුව කරන්නේ!

    • Chilaw man says:

      Jeewanie umba gonnu wage balan innawayi kiwwata api dhannawa umba nombara eke gonek thamayi kiyala!

  3. Love nature says:

    මොන යන්තර මන්තර ගුරුකම් පුද පූජා පැවැත්වුවත්, වටේටම මුරකාවල් දාගෙන මහා මන්දිරේක හෝ ආරක්‍ෂිත බංකරයක් ඇතුලේ හිටියත් කරපු දේවල් වල ප්‍රතිපල වලක්වන්න බැහැ. කලදේ පල දෙනවමයි.