බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට ආගමික උත්සවවලට යන්න අවසර..

November 15, 2020 at 10:40 am | lanka C news
බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට ආගමික උත්සවවලට යන්න අවසර..

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය හිමිව තිබේ.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරය මත ඔහු කෝවිලක පැවති උත්සවයකට සහභාගී වී ඇත.

එමෙන්ම පසුගියදා මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ද ඔහු සහභාගී විය.

ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්නා ලද්දේ ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදීමය.

ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සහ වලට සහභාගි වීමටද අවසර හිමිව තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.

10,608 views

8 Comments to “බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට ආගමික උත්සවවලට යන්න අවසර..”

  1. ක්‍රිමිනල් says:

    එක රටක් එක නිතීයක් ! දස විධ පාලන තන්ත්‍රය බල්ලට …😂😂😂

  2. Sirimal says:

    Etakotata anit රැඳවියන්ටත් ehema aagamika uthsawa walata yanna Awasara denawada
    Meyata witarak special mokada
    Mn pattak aran kiyanawa newey

    Ara poojitha mahaththayata eyage puthage wedding ekata poddak gihin enna awasara dunne naha
    Harima asadgaranayi
    එක රටක්
    එක නීතියක්
    Passenut hina yanawa ooyi

  3. saman says:

    එකම රටක් එකම නීතියක් මෙච්චර ඉක්මනට හදයි කියල හිතුනේ නෑ. Respect sir and foamily.

  4. saman says:

    Yakoo lankaawa palanaya karannee mini maruwono. 69 lakshe wahallunee

    • sunimal says:

      තර්ස්තවාදී මිනීමරුවෙකුට මොන ආගම උත්සවද ? ලැජ්ජයි පොහොට්ටුව ලැජ්ජයි ..කන්න ඕන වෙන කොට කබරගොයාත් තලගොයා කරනවා

  5. Pilayan says:

    Sir fail. Cha max

    • සැළලිහිණියා says:

      යහපාලනේ නවත්තපු තැනින් පොහොට්ටුව දිගටම කරගෙන යන හැඩයි ..අහෝ අපේ ජන්දබලේ අපතේ ගියාද ?…මොකක් ද මේ අද සිංහල පාලකයින්ට හැදිලා තියන සුළුජාතික වියරුව ?

  6. රාජිත says:

    කාලකන්නි ආන්ඩුව නිතිය නවනවාටත් වඩා කනවා.මුන් පත්කරන්න බලේ දිපු කාලකන්නින්ට ස්වභාවධර්මයෙන් දැන්ම පඩිසන් දෙන්න අරන් තියෙන්නෙ.මොකද වැඩිපුරම මුන්ට චන්දෙ දුන්නෙ ගම්වල දුප්පත් නුගත් මිනිස්සු.

Main News