බන්ධනාගාරයේ සිට ජනාධිපති ඝාතන කුමන්ත්රණයක්.. මරණ දඬුවම නියම වූ 05කගෙන් ප්රශ්ණ කෙරේ…
August 21, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය කළේ යැයි චෝදනා එල්ල වන මරණ දඬුවම නියම වූ සිරකරුවන් පස් දෙනෙකුගෙන් ප්රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් අවසර දී තිබේ.
බුද්ධි අංශවලට ලද තොරතුරු මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඇති තවත් නිසා වැඩිදුර පරීක්ෂණ සඳහා සිරකරුවන්ගෙන් ප්රකාශයක් ලබා ගැනීමට අවසර ඉල්ලමින් රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට මෙසේ අවසර දී ඇත.
ඒ අනුව එළැඹෙන 26 වැනිදා සිට සැප්තැම්බර් මස 09 දා දක්වා මෙම පිරිසගෙන් ප්රශ්න කර ගැනීමට පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධීකාරීවරුන්ට නියෝග කර තිබේ.