බන්ධනාගාරයේ සිට තාත්තා ගාල්ලේ දුව සමඟ සිදු කළ හෙරොයින් ජාවාරමක් සොයා ගනී….

September 4, 2020 at 6:48 pm | lanka C news

කොළඹ බන්ධනාගාරයේ කුඩු සම්බන්ධ‍යෙන් වැරදි කරුවකු වී අච්චු විදින ශාන්ත නැමැති රැදවියාගේ දුව සමඟ කරගෙන ගිය මහා පරිමාන හෙරොයින් ජාවාරාමක් ගාල්ලේ දී අනාවරණය වේ.

මේ අනුව,මොරගහහේන පොලිසියට ලද තොරතුරක් මත මොරගහහේන,උඩුව,අංක 396/2 ඇතිගල්ල,කොච්චිකඩේ යන ලිපිනයේ පදිංචිව පුද්ගලයෙක් හා ශාන්ත අන්තෝනි මාවත, කුරණ,කටුනායක යන ලිපිනයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් (03) අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සන්තකයේ හෙරොයි ග්‍රෑම්ස් හතරයි මිලි ග්‍රෑම් 750 තිබි සොයාගෙන ඇත. බී.අයි.කේ දරුණ යතුරු පැදිය මගින් මෙම කුඩු තොගය ප්‍රවාහණය කර තිබෙන බව පොලිසිය සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය මේ පුද්ගලයාන්ට ලැබී ඇත්තේ කොළඹ බන්ධනාගාරයේ රැදවා තිබෙන ශාන්ත නැමැති රැඳවියෙක් හරහා බැව් ද පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වී තිබේ.

මේ ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේ දී ශාන්ත නැමැති කොළඹ බන්ධනාගාර රඳවියාගේ ගෝලයක් වන ගාල්ල,දඩල්ලේ පදිංචි කුරුල්ලා හා ඔහුගේ බිරිඳ කිරිල්ලි යන ආදරණිය වදනින් හදුන්වන අමුසැම් යුවළ හෙරොයි කුඩු රුගෙන රතු පැහැති යතුරු පැදියකින් ගාල්ල ප්‍රදේශයට යවින් සිටිය දී ඔවුන් සතුව තබු යතුරු පැදියේ රියදුරු අසුනට යටින් ඇති බඩු රඳවන කුටියේ තිබූ ඔයන ලද පොල් ගෙඩි පහක තිබී හොරොයි ග්‍රැම්ස් 500 මිලි ග්‍රැම්ස් 650 ක් සමඟ මෙම අඹු සැම් යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොල් ගෙඩි ලෙලි ගසා එම පොල් බිඳ එහි වතුරු ඉවත් කර සූක්ෂම ආකාරයට මෙම කුඩු තොගය මේ පොල් ගෙඩිවල සඟවා ප්‍රවාහණය කර තිබෙන බව ගාල්ල පොලිසිය පවසයි.

පසුව,ගාල්ලේ දඩැල්ලේ කුරුල්ලාගෛන් කල විමසුමක දී දැනට කොළඹ බන්ධනාගාරයේ රැදවියෙක් ලෙස සිටින ශාන්ත කැමැති රැඳවියාගේ දුව ගාල්ල, අක්මීමන, රජගහ උයන ප්‍රදේශයේ පදිංචි කාරිණියක් බැව් පොලිසිය සොයාගොන ඇත.

ඇය සිය පියා කොළඹ බන්ධනාගාරයේ සිට සිදු කරන හෙරොයින් ජාවාරමට සම්බන්ධව සිදු කරන මුදල් ගනු දෙනු සම්බන්ධයෙන් බැංකු ගත කරන තැනැත්තිය බවට තොරුතුරු අනාවරණය කර ගැනිමෙන් පසුව ශාන්තගේ දුව වන සඳකිණී යන අය අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් පසුව, එම තොරතුරු මත පොලිසිය සිදුකල පොලිස් මෙහෙයුමක දී ඇය සන්තකයේ තිබු රුපියල් 1 40, 000 ක් හා ජංගම දුරකතනයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුහ. සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක යි.

– බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

18,107 views

4 Comments to “බන්ධනාගාරයේ සිට තාත්තා ගාල්ලේ දුව සමඟ සිදු කළ හෙරොයින් ජාවාරමක් සොයා ගනී….”

  1. Alapaluwa says:

    පූසො උකුස්සෝ දැන් කුරුල්ලෝ
    දියකාවත් ආවනං වැඩේ හරි

  2. Love nature says:

    නරක දේ කීරීම ඉතා පහසුය. යහපත් දේ කිරීම අපහසුය. යමෙක් අපහසුවෙන් වුවත් යහපත් දේ කරන්නේ නම් ඔහුට ඒ ක්‍රියාවට සමගාමී වු යහපතාක් ලැබෙන්නේය.

  3. Alapaluwa says:

    ඉක්මණට පොහොසත් වෙන්න යන උදවියට මෙය තමයි අත්වෙන ඉරණම අවසානයේදී මේවා මේ අද ඊයේ වුණු දේවල් නොවේ පසුගිය රජය ආරක්ෂාව ගැන තියා රටේ අභියන්තරයේ වෙන්නේ කුමක්ද කියාවත් නොදන්නා අමු හරක් ගොඩක් තමයි ඔය දියවන්නාවේ ඉඳලා තිබෙන්නේ ඒ කුණු කෑ රසයට තමයි තවමත් ඔය උඩ පැන පැන තපුල්ලන්නේ.

  4. john the baptice says:

    දෙවියන්වහන්සේ දවස් 7 න් ලෝකය මවනවිට මේ දේවල් මවපු එකේ විපාක