බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

March 24, 2020 at 11:20 am | lanka C news
බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

දිවයිනේ රක්ෂිත බන්ධනාගාරවලට කොරෝනා වෛරසය ඇතුළුවීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒවායේ සිටින රැඳවූවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට එයට මුහුණ දීමට සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ 610 රැඳවූවන් සංඛ්‍යාවක් රැඳවිය හැකි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ එම සංඛ්‍යාව දැනටමත් 1800 – 1900 අතර පැවැතීමය. කොළඹ බොරැල්ලේ තත්ත්වය මෙසේ නම්, රටේ අනෙකුත් රක්ෂිත බන්ධනාගාරවල තත්ත්වය කෙසේදැයි වටහා ගැනීම අපහසු නොවේ.

මෙම රෝගකාරක විෂබීජ වළක්වා ගත හැකි එක් පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් කියා සිටින්නේ ජනාකීර්ණව සිටීමෙන් වැළකී සිටීම මෙන්ම කිවිසුම්වලදී ඉතා ප්‍රවේශම් විය යුතු බවය. එහෙත්, සිටිය යුතු සංඛ්‍යාවට වඩා තුන් හතර ගුණයක සංඛ්‍යාවක් රැඳවූවන් සිටින තැනක මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ කෙසේද යන්න ගැටලුවකි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරවල රැඳවූවන් රඳවාගෙන සිටීමට හේතුව වන්නේ ඔවුන් ඇප මත නිදහස් කිරීමේදී අදාළ පොලිස් වාර්තා මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඇප මත නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රැඳවූවන් විශාල සංඛ්‍යාවක් නිදහස් කිරීම, දිගින් දිගටම මහෙස්ත්‍රාත් අධිකරණයේදී කල් දැමීම නිසා නිසා යැයි දැන ගැනීමට ඇත.

මේ වන විට රාජ්‍ය ආයතන මෙන්ම, පෞද්ගලික ආයතන, මාර්තු මස 21 වැනි දින සිට වසා දමා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතියද පනවා තිබේ. කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අනුව රාජ්‍ය ආයතන සේම පෞද්ගලික ආයතන වසා දැමීමේ කාලය ඉදිරියේදී තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු විය හැකිය.

මෙයට විසඳුමක් වශයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට, අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අගවිනිසුරුට දන්වා තිබෙන බව දැන ගැනීමට තිබේ.

අප්‍රේල් මාසයේ විනිසුරුවරුන්ට ලැබෙන නිවාඩුව මත නඩු ශාලාද වසා තැබෙන්නේය. එවිට මෙම තත්ත්වය තවත් බරපතළ වනු නියතය. මීට ප්‍රතිකර්මයක් කඩිනමින් නොයෙදුවහොත් අධිකරණයේ නිවාඩුව අවසන් වන විට ලංකාවේ රක්ෂිත බන්ධනාගාර සියල්ලක්ම කාරෝනා ආසාදනයට ගොදුරු වුණු රැඳවූවන්ගේ ආසාදන රෝහල් බවට පත්වනු නියතය.

– aruna

27,153 Viewers

15 Comments to “බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….”

  1. 77 UNP says:

    පොලිසියට පගාව දීල තමන්ගේ පසමිතුරා දින 14 රිමාන්ඩ් කරණ එක ඉතාම පහසුයි. හොරකම් චෝදනාවක් හෝ හනිකිරීමේ චෝදනාවක් දමනවා මුලින්ම. ඊළඟට සිකුරාදා දිනක අත්අඩංගුවට අරන් රෑට මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරලා සඳුදා හෝ ඊළඟ උසාවි (වැඩ) දිනේ වෙනකම් රිමාන්ඩ්. එදාට කියනවා තවම පරීක්ෂණ අවසන් නැහැ කියල. එතකොට තවත් දින 7 ක් රිමාන්ඩ් කරනවා. ඊළඟ සතියේ නඩු දිනේදී ලොකු ගානක් පොලිසිය (ස්ථානාධිපති මට්ටමේ) අරන් තිබුනොත් court sargent නොවේ ස්ථානාධිපතිම උසාවි ඇවිත් චෝදනා බරපතලයි, තවම පරීක්ෂණ අවසන් නැහැ කියල කියනවා. එතකොට තවත් දින 7 ක් රිමාන්ඩ් කරනවා. ඒ වෙනකොට මහේස්ත්‍රාත් හටත් මේ බොරුව අවබෝධවෙලා තිබුනොත් දෙවන දින 7 අවසානෙදි ඒ කියන්නේ දින 16 අවසානෙදි (මුල් දින 2+ පළමු දින 7 + දෙවන දින 7 = 16) සැකකරු ගෙදර යනවා. ඕක තමයි ක්‍රමේ.

  2. හූටා.. අලි මදිවට හරක් කිව්වලු..

  3. Kadiya says:

    හරක් වගේ පාරේ මෝටර් සයිකල් එලවන කාලකන්ණි මොකක් හරි වාහනේක හප්පගත්තට පස්සේ ආණ්ඩුවේ රෝහලකට ඇතුල් වෙනවා. රෝහල් පොලිසියේ පැමිණිල්ල දැම්මම වාහනේ එලවපු රියදුරා රිමාන්ඩ්. වැරැද්ද මෝටර් සයිකල් කාරයා අතේ වුනත් අනෙක් රියැදුරා රිමාන්ඩ්. (මතක්කර ගන්න පසුගියදා ඇඳිරි නීතිය කඩපු මෝටර් සයිකල් කාරයා හැපුන ගිලන් රථය පදවපු රියැදුරා රිමාන්ඩ් – රියැදුරා පැනල යන්නේ රිමාන්ඩ් කරණ බව දන්න නිසාම විය යුතුයි-) ඔය වැරදි නීතිය වෙනස් නොකළොත් අනතුරු අඩුකර ගන්න බැහැ. මොකද මෝටර් සයිකල් කාරයන්ගේ ක්‍රමය තමුන් නොසැලකිල්ලෙන් පැදලා අනිත් වාහනේ රියදුරා රිමාන්ඩ් නොවීම සඳහා මෙච්චර ගෙවන්න ගොඩින් බේරගන්න කියල සල්ලි කඩාගන්න එක. නොදුන්නොත් අමාරු වැඩිවෙනවා, රෝහලෙන් ගෙදර යන්නේ නැහැ, රියැදුරා රිමාන්ඩ්.

  4. Chath says:

    මේ වාගෙ දුශ්කර අවස්තාවකකදී. චතුර සේනාරත්න,හිරුනිකා පේමචන්ද්‍ර, Namal Rajapaksha හා සජිත් ප්‍රේමදාස වගෙ වියතුන්ගෙන් අදහස් ලබා ගැනීම ඉතා වැදගත් බවයි මගේ හැගීම

    • හික් හිහි හි හි says:

      ඇයි උඹ ,.උඹේ අම්මා

    • බන්ඩා says:

      සජියා දොස්තරලගෙ උපදේශකයෙක් කරමු. 🤡

    • නාමල් ජයතිලක says:

      හිරුනිකා ගෙන් ගන්න පුළුවන් එකම උපදේසය තමයි කොරෝනා අවදානම අවම වන ලෙස බැක් සයිඩ් එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමා.

  5. Kadiya says:

    පොලිසියට පගාව දීල තමන්ගේ පසමිතුරා දින 14 රිමාන්ඩ් කරණ එක ඉතාම පහසුයි. හොරකම් චෝදනාවක් හෝ හනිකිරීමේ චෝදනාවක් දමනවා මුලින්ම. ඊළඟට සිකුරාදා දිනක අත්අඩංගුවට අරන් රෑට මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරලා සඳුදා හෝ ඊළඟ උසාවි (වැඩ) දිනේ වෙනකම් රිමාන්ඩ්. එදාට කියනවා තවම පරීක්ෂණ අවසන් නැහැ කියල. එතකොට තවත් දින 7 ක් රිමාන්ඩ් කරනවා. ඊළඟ සතියේ නඩු දිනේදී ලොකු ගානක් පොලිසිය (ස්ථානාධිපති මට්ටමේ) අරන් තිබුනොත් court sargent නොවේ ස්ථානාධිපතිම උසාවි ඇවිත් චෝදනා බරපතලයි, තවම පරීක්ෂණ අවසන් නැහැ කියල කියනවා. එතකොට තවත් දින 7 ක් රිමාන්ඩ් කරනවා. ඒ වෙනකොට මහේස්ත්‍රාත් හටත් මේ බොරුව අවබෝධවෙලා තිබුනොත් දෙවන දින 7 අවසානෙදි ඒ කියන්නේ දින 16 අවසානෙදි (මුල් දින 2+ පළමු දින 7 + දෙවන දින 7 = 16) සැකකරු ගෙදර යනවා. ඕක තමයි ක්‍රමේ.

    • බන්ඩා says:

      කලුකෝට් කාරයා තරම් හිතක් පපුවක් නැති ජරා පප්පලා රටේ තවත් නැතුව ඇති

  6. ඉරානයේ මෙම තත්වය ඇති වූ පසු සුලු වැරදි වලට දඩුවම් විදිමින් සිටි සිරකරුවන් දහස් ගනනක් තාවකාලිකව මුදා හැරියා.. අපේ රටේද දඩ ගෙවා ගත නොහැකි, ඇප මුදල් ගෙවා ගත නොහැකි ආදී, සමාජයට දරුනු බලපෑමක් එල්ල නොවන සිරකරුවන් තාවකාලිකව මුදා හැරීම සලකා බැලිය යුතුයි. අවශ්‍ය නම් ටැග් සවි කිරීමෙන් ඔවුන්ව monitor කළ හැක. එසේම අවදානම් අඩු අය සදහා එලිමහන් සිර කදවුරු යොදා ගත හැක. ආහාර නිෂ්පාදනය, මාස්ක් නිෂ්පාදනය වැනි කටයුතු වලට යොදා ගත හැකි මහගු ශ්‍රම බලකායකි.

    • බන්ඩා says:

      ඉරානයේ පමනක් නෙවෙ දැන් දැන් ඇමරිකාවත් කොරෝනා නිසා සාමාන්‍ය සිරකරැවන් ගෙදර යවනවා. ඇප ගෙවා ගත නොහැකි සහ සුලු වරද සිරකරුවන් වහාම ගෙදර යවා බන්ධනාගාර තද බදය අඩු කර ගත යුතුය්.

  7. රංජිත් says:

    පිටතින් එන කිසිදු අයකුට බන්ධනාගාර ඇතුළට යන්න දෙන්න එපා.ඒක ඇතුළෙ ඔය ලෙඩේ නැති නම් බය වෙන්න දෙයක් නෑ.පිටතින් ආවොත් තමා

  8. බිල්ල says:

    බන්ධනාගාර වල ඉන්න අපරාධකාරයෝ බලන්න ඔවුන්ගේ නෑයන්ට සහ හිතවතුන්ට අවසර නොදීම නිසා බරපතල අර්බුද ඇතිවිය හැකිය. ලංකාවේ බන්ධනාගාර, විශේෂයෙන්ම වැලිකඩ, මීගමුව වැනි ජනාකීර්ණ ප්‍රදේශ වල තියන බන්ධනාගාර කුඩු පුරයන්ය. 2019 දෙසැම්බර් 31 දින මීගමුව බන්ධනාගාරයේ සෑම කුඩ්ඩෙකුටම නොමිළේ කුඩු (හෙරොයින්) ලබාදෙන තරම් ප්‍රමාණයක් බන්ධනාගාරය ඇතුලත ගැවසේ. මීගමුව, වැලිකඩ බන්ධනාගාර වලට හිටිගමන් බෝලයක් වැටීම පහසුය්. නමුත් අනුරාධපුර බන්ධනාගාරය තුලට බෝලයක් විසිකිරීම කල නොහැක්කකි. ඒ නිසා කුඩු-සික් හැදුන හිරකාරයෝ මරාගෙන මැරෙන සටනක වුවද යෙදීමට පුළුවන්.

  9. john the baptice says:

    සිරගෙවල් සජිත්ගේ කුකුල් කුඩු ගෙවල් වලට සමානලු

Leave a Comment

Main News