බන්ධනාගාරවල පහසුකම් කඩිනමින් සපයන්න.. සිරකරුවන් දෙස මානුෂීයව බලන්න..- ජනපති උපදෙස්

December 11, 2020 at 2:30 am | lanka C news
බන්ධනාගාරවල පහසුකම් කඩිනමින් සපයන්න.. සිරකරුවන් දෙස මානුෂීයව බලන්න..- ජනපති උපදෙස්

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටිති. රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

8,446 views

6 Comments to “බන්ධනාගාරවල පහසුකම් කඩිනමින් සපයන්න.. සිරකරුවන් දෙස මානුෂීයව බලන්න..- ජනපති උපදෙස්”

  1. ,අස්සයා ගියා says:

    අස්සයා ගිය පසු අස්ගාල වැසීමේ කලාවේ පිකාසෝලා ඉන්නේ පොහොට්ටුවේය. මොනව කළත් ආයෙත් පොහොට්ටුව ගොඩ ගන්නවා බොරු….!

  2. ක්‍රිමිනල් says:

    මෙගොල්ලො තරං කෛයිවාරූවෙන් ,පම්පෝරීයෙන් මී හරක් අන්දපු පාණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නැතුව ඇති . කෛයිය ගැහුවොත් ,නවීන විද්‍යාව , ආර්ථික බල කේන්ද්‍රය ,මානව හිමිකම් , අධ්‍යාපනයට මුල් තැන , සෞභාග්‍යමත් දැක්ම . රටේ මිනිස්සුන්ට කන්න නෑ , විද්‍යාව වෙනුවට මිත්‍යාව , මානව හිමිකම් වෙනුවට වෙඩිල්ල ,ආර්ථිකය ගජමුතුරන්ට සහ ආර්තික ඝාතකයන්ට ඔනේ විදියට නටවන්න දීලා ,නිතීය වෙනුවට අවනිතිය ,ක්ශනික නිදොස් කොට නිදහස් ! මෝඩ පහේ බෛයො හුරේ දාන්නේ උඩ දාගෙන…😂😂😂😂😂

  3. බන්ඩා says:

    වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇත්තේ ඉතා වටිනා භූමියකය්. එම මුදලින් රටටම ඇති වෙන්න අංග සම්පූර්ණ සිරගෙවල් සහ පුනරුත්තාපන මධ්‍යස්ථාන හදන්න පූලුවන්. අවශ්‍ය වන්නේ දේසපාලන තීන්දුවක් සහ ක්‍රියාත්මක කිරීමට අධිකාරියක් පමනය්. ජනාධිපති ගෝටාට එය කල හැකිය්.

  4. බන්ඩා says:

    වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇත්තේ ඉතා අධික වානිජ වටිනාකමක් ඇති භූමියකය්. එම භූමිය විකුනා ලැබෙන මුදලින් රටටම ඇති වෙන්න අංග සම්පූර්ණ සිරගෙවල් සහ පුනරුත්තාපන මධ්‍යස්ථාන හදන්න පූලුවන්. අවශ්‍ය වන්නේ දේසපාලන තීන්දුවක් සහ ක්‍රියාත්මක කිරීමට අධිකාරියක් පමනය්. ජනාධිපති ගෝටාට එය කල හැකිය්.

  5. මල්සරා says:

    ටෙනී ගෙ අඩුවට කොල්ල ඉන්නෙ

  6. Buwa says:

    No need Pada drama…. You are already Failed Saaarŕr… just Pada Talks only…Better go back US.

Main News