බන්ධනාගාරවල 75%ක් රිමාන්ඩ් රැදවියන්.. කුඩු ග‍්‍රෑම් 2, ගංජා කිලෝ 5ට අඩු රැදවියන්ට සහනයක්..

November 23, 2020 at 2:16 am | lanka C news
බන්ධනාගාරවල 75%ක් රිමාන්ඩ් රැදවියන්.. කුඩු ග‍්‍රෑම් 2, ගංජා කිලෝ 5ට අඩු රැදවියන්ට සහනයක්..

බන්ධනාගාර ජනගහණයෙන් 73%ක් රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන් වන අතර එය බන්ධනාගාරතුල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීම සදහා ගතහැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා ආරම්භ කරන ලදි.

ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගෙන් හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kg අඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති රැදවියන්ගේ නඩුකටයුතු කඩිනම් කිරීමට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් ඇතුලු බන්ධනාගාර තදබය සම්බන්ධයෙන් ගත හැකි විවිධ පියවරයන් පිළිබදවත් බන්ධනාගාර තුළ පවතින වත්මන් තත්වය පිළිබදවත්  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දැනුවත් කිරීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (23) අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිතය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන්ගේ නඩුකටයුතු කඩිනම් කර ඔවුන් විශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම හෝ ඔවුන්ට ඇප ලබාදීමට කටයුතු කිරීම සදහා ගතහැකි හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ඇමතිනිය, අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, අධිකරණ යටිතල පහසුකම් කමිටු ප්‍රධානී ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් අනුව එලෙස හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kgට අඩු රිමාන්ඩ් රැදවියන් 6334ක් සම්බන්ධයෙන් ඉදිරි නීති කටයුතු කඩිනම් කිරීම සදහා ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න මහතා වෙත බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් යොමුකොට ඇත.

කොවිඩ් 19 තත්වය ‍‍‍හේතු‍‍‍‍වෙන් බන්ධනාගාර තුළ පවතින වත්මන් තත්වය පිළිබදවත් ඒ සදහා ගෙන ඇති සැලසුම් ක්‍රියාමාර්ග පිළිබදවත් අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත අතර එම සාකච්ඡාව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාද එක්වීමට නියමිතය.

– තුසිත ජයවර්ධන

17,034 views

5 Comments to “බන්ධනාගාරවල 75%ක් රිමාන්ඩ් රැදවියන්.. කුඩු ග‍්‍රෑම් 2, ගංජා කිලෝ 5ට අඩු රැදවියන්ට සහනයක්..”

  1. කළු කොට දුමියා says:

    එනවා ඇතුලට. ඉන්නවා. ඇප ගන්නවා එළියට යනවා. ආයෙත් එනවා. මේ විදිහට සියලු බන්ධනාගාර පිරිලා ඉතිරිලා. මොකෝ ආණ්ඩුව මුන්ට කන්න දෙන්නෙ පෙලිමෙන්තු ඉන්න උන්ගේ මාසේ පසියෙන් නෙමේ නේ. එක දවසක් එක් පුද්ගලයෙක් නඩත්තුව ට රජය විශාල මුදලක් වෙන් කරනවා. මේක කොරෝනා තිබුණත් නැතත් හැමදාම උනා දැනුත් වෙනවා.
    රටක් දියුණු වෙනවා කියන්නේ බන්ද්නගාර වල පිරිස අඩුවීම. කෝ ස ඇවිත් දැන් අවුරුද්දක් ඉවර උනා තාම සිස්ටම් චෙන්ජ් එකක් වෙලා නැහැනේ. ප්‍රෙස් කොන් ෆරංස් විතර ද? සුපුරුදු කුඩු මුදලාලිලා තාම වැඩනේ.
    මේවා ගහේ අතුකපල විසඳන්න බැහැ කියලා අපි රටේ ජනාධිපති ට උගන්නන ඕනද ? ඇයි ස අය්යාට බයේද ගහේ මූලින්ම කපලා මුලත් උගුල්ලන්නේ නැත්තේ? මිනිස්සු ඡන්දෙ දුන්නේ එක එක්කෙනා රකින්න නෙමේ නේද?

  2. Asela says:

    Oya wadeta ape Kudu Lansa amathi wath sahabhagi kara gaththa nam thamayi honda….!!! Mokada unnahe duken hitiye bedaa harinna kattiya nathuwaa

    • Mr එච් යු කන්නා says:

      කුඩු ලන්සා කොහොමද ඔයා වැඩේට ගන්නේ. කුඩු ලන්සා ගන්න ගියොත් මහින්ද ස ගේ රෙද්ද ගැලවෙනවා නේ. මල්ලි කොහොමද අය්යාට එහෙම කරන්නේ.

  3. Asela says:

    Oya wadeta ape Kudu Lansa amathi wath sahabhagi kara gaththa nam thamayi honda….!!! Mokada unnahe duken hitiye bedaa harinna kattiya nathuwaa. Sulu waradi kala aya nathuwa kudu kattiyawama eliyata daanna yanne meke pitipasse inne Lansa. Nedaa

  4. sumudhu says:

    ඕක කවදාවත් වෙන්නේ නැ . මිනිසුන්ට ඉක්මණට ඇප ලැබෙනවා කියන්නේ ලෝයර් ලට සල්ලි නැති වෙනවා කියන එක

Main News