බන්ධනාගාර ගත කර සිටින වයස්ගත හා රෝගී රැදවියන්ට නිදහස…

September 10, 2020 at 5:30 pm | lanka C news
බන්ධනාගාර ගත කර සිටින වයස්ගත හා රෝගී රැදවියන්ට නිදහස…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍ර‍නාන්දුපුල්ලේ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ G වාට්ටුව හදිසි නිරීක්ෂණයට ලක්කලාය.

මෙහි රදවා සිටින රැදවියන් වයස අවු 76, 89, 90 වයස්වල පසුවන වයස්ගත අයවලුන් වන අතර මෙහි සිටින බහුතරයක් නොයෙක් ආබාධවලට ගොදුරුවූ අයවලුන් වෙති. මෙම පිරිස දැඩිදුෂ්කරතාවයෙන් සිටින අයවලුන් බැවින් මේ පිළිබදව රාජ්‍ය ඇමතිනියගේ විශේෂ අවධානයට යොමුවිය.

මෙහි රදවා සිටින රැදවියන් අතර වකුගඩු රෝගීන්, ඇස් නොපෙනෙන අයවලුන්, අංශභාග රොගීන්, පූර්ණ කාලීන ආබාධිතයින් හර්නියා ආබාධවලින් පෙළෙන අයවලුන් සිටින අතර ඔවුන්ට විශේෂ වෛද්‍ය අවශ්‍යතා ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත රාජ්‍ය ඇමතිනිය විසින් උපදෙස් ලබාදෙන ලදි. දැඩි රෝගී තත්වයෙන් පෙළෙන රැදවියන් දෙදෙනෙකු වහාම බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවන ලෙසද රාජ්‍ය ඇමතිනිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

ඉන් අනතුරුව රාජ්‍ය ඇමතිනිය විසින් බන්ධනාගාරයේ චැපල් අංශය වෙත ගිය අතර එහි රදවා සිටින රැදවියන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය කටයුතු පිලිබදවද සොයා බැලීමකට ලක්කලාය. ඔවුන්ගේ දුක්ගැනවිලි පිළිබදව සාවධානව අසා සිටි ඇමතිතුමිය සිදුකලහැකි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත උපදෙස් ලබාදෙන ලදි. බන්ධනාගාරයේ රැදවියන්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායම පුහුණුවීම් නිරීක්ෂණය කිරීමකට රාජ්‍ය ඇමතිනිය කටයුතු කලාය.

– තුසිත ජයවර්ධන

25,652 views

9 Comments to “බන්ධනාගාර ගත කර සිටින වයස්ගත හා රෝගී රැදවියන්ට නිදහස…”

  1. Saradiel says:

    මෙතුමියට ගොඩාක් පිං බුදු සරණයි

  2. Love nature says:

    වැරදිකිරිම මිනිස් ගතියක්…සමාව දීම දේවගතියක්–මතකද අපේ ගැමිවහරේ තියෙනවා.

  3. J. Wijewardana says:

    Hurrah! Hon Duminda Silva is out!

  4. kkuruwita says:

    ගෝටාභය නාකත්වය යටතේ කවුරුත් ක්‍රියාශීලියි. ජයවේවා ! රටට ජයවේවා !!

  5. Asela says:

    ගෝටාභය නාකත්වය යටතේ Hurrah! Hon Duminda Silva is out!

  6. කේලමා says:

    ඔන්න බොලේ වැඩේ හරි . දැං ඉතිං ඔය සමහර ඇත්තංට නං හිරේ යන එක ජොලි වැඩක් වෙයි .

  7. Gotaimbara says:

    I am surprised that there was no programme to release these people already. Please have a maximum age limit to prisoners. They are also human beings, let them repent for the wrongs and live a useful life.

  8. Pol Buruwa says:

    When elderly prisoners are released who would take care of them. They certainly not entitled for a pension and may not have ETF or EPF. Few people would be accepted by their relatives and wealthy will live as they were. What happen to other.This is a social problem, government should also consider and support through Social service Department.

Main News