බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය කොරෝනා ආසාදිත මෘත දේහ අදාහනය නොකරන්නැයි උසාවි යයි…

December 4, 2020 at 3:50 pm | lanka C news
බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය කොරෝනා ආසාදිත මෘත දේහ අදාහනය නොකරන්නැයි උසාවි යයි…

මහර බන්ධනාගාර ගැටුමේදී මිය ගිය රැදවියන්නේ සිරුරු ආදාහනය නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල ගැටුවෙන් මියගිය රැදවියන් 08 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇති අතර කොරෝනා මර්ධන නීතිය අනුව එම සිරුර ආදාහනය කළ යුතුය.

නමුත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ එම මරණ සියල්ල ස්වාභාවික හේතු මත සිදු නොවූ සැක සහිත ඒවා බැවින් ඒවා ආදාහනය නොකළ යුතු බවයි.

යම් හෙයකින් එම එම මරණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා දේහයන් අවශ්‍ය වුවත් විය හැකි නිසා ආදාහනය කිරීම එයට බාධා විය හැකි යැයි ද මෝසමේ සඳහන්ය.

එමෙන්ම ඒවා ආදාහනය කිරීම මගින් මිනීමැරුම් වල සාක්ෂි යටපත් වී වගකිව යුත්තන්ට නීතියෙන් ගැලවීමට අවස්ථාව සැලසෙන බවද මෝසමින් සඳහන් කර තිබේ.

අදාල නඩුව වැඩිදුර විභාගය 11 වනදාට කල් දමා ඇත.

20,498 views

9 Comments to “බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය කොරෝනා ආසාදිත මෘත දේහ අදාහනය නොකරන්නැයි උසාවි යයි…”

  1. අජානීය ඉස්කූටර් says:

    // සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව // මෙන්න මුන් රොත්තම යැපෙන්නෙ කුඩු සල්ලි වලින්. මේ විධිහට වියදම් කරන්න මොවුන්ට සල්ලි දෙන්නෙ කවුද ? මොවුන් සමඟින් සම්බන්ධතා පවත්වමින් නැති හිතළු සමාජගත කරමින් මහජනයා කුපිත වෙන රැවැටිලිකාර මනස්ගාත ගජබින්න පතුරවන්න මොවුන්ව අතකොළු කරගෙන ඉන්නෙ කවුද ? වහාම සොයා බලන්න

  2. රෝස්පාන් says:

    ආදාහනය අත්හිටුවා නැති නිසා මොකද කරන්නේ. 11 වෙනිදා වෙන කම් දේහය තියාගෙන ඉන්නද කියන්නේ…නයි කයි ද රෝස් පාන් කිව්වලු. ඔන්න සබ්‍රි නීති ගැට.

  3. dev says:

    NGO wada hondatama

  4. කුමා says:

    බන්ධනාගාර ගැටුම කොරෝනා දේහ භූමදානය කර ගැනීමට කළ සැළසුමක්ද?

  5. Nagas says:

    සබ්‍රිගෙ හීන් නූලෙ නඩු 35 නීති ගැට. නීතිපති අද නඩුවට නාවේ කාගේ බලපෑමෙන්ද?

  6. අපි ජනතාව says:

    එතකන් මිනී ටික දෙමු මුන්ට තියාගන්න.

  7. කොවිඩ් ආසාදිත මළමිනී සියල්ල කාමරයකට දමලා , උඹලත් ඔක්කොම ඒ කාමරයට දමලා සතියක් විතර ඉන්න තියලා දෙන්නම්! උඹලා හිතේ හැටියට පශ්චාත් මරණ පරික්ශනය පවත්වපියව්!

  8. වෙබ් බුවා says:

    ඒ මිණී හෝදපු වතුර මේ සංන්විධානයේ ඈයින්ට සහ උන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයන්ට පෙවිය යුතුයි

    • වයි දිස් කොලවෙරි says:

      ඔවු, ජලයෙන් බෝ වෙන්නේ නැහැ කියන උන්ට අභියෝගයක්.

Main News