බන්ධනාගාර තුලට STF ඇතුලු කෙරේ.. ජාත්‍යන්තර සම්මුතීන් බිදියි..
October 16, 2018 at 6:48 pm | lanka C news
මෙරට බන්ධනාගාරවල පරික්ෂා කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර රැදවියන් විසින් සිදු කරන විවිධ නීති විරෝධී කටයුතු බන්ධනාගාර තුල සගවා ඇති ජංගම දුරකතන ඇතුළු උපකරණ මත්ද්‍රව්‍ය ආදිය සෙවීම සදහා මෙම යෙදවීම සිදු කරනු ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් බන්ධනාගාර තුල රජයේ ආරක්ෂක අංශ ඇතුලු කිරීම සිරකරුවන් සදහා වූ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය කිරීමක් යයි එම අංශ විසින් මේ නවන විටත් රජයේ අදාල අංශ වෙත දන්වා ඇති බවටද තොරතුරු ඇත.
මේ වෙනුවට කල යුත්තේ බන්ධනාගාරයන්හි බුද්ධි අංශ දියුණු කිරීම හා ඒ හා සමගාමීව බන්ධනාගාර නිල ආරක්ෂක අංශයන් පුහුණු කිරීම යයිද ඔවුන් පෙන්වා දී තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවිමේ කටයුත්ත ක්‍රියාවට නැගෙනු ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
This is the best move this government has done so far.
Bohoma hoda wadak. Meyata siyalu denama sahayogaya diyauthui
ඔතන ඉන්න උං ඇතුලෙ ඉන්න උන්ගෙන් ජරාව කාලා උන්ට ඕන කරන සේරම පහසුකම් දෙනවා. උන්ගේ බුද්ධි අංශ දැම්ම කියල වැඩක් නෑ එස්ටීඑෆ් එක දාන එක හැම අතින්ම හොඳයි
එතකොට සිරකරුවන් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම අයත් වන්නේ මොන ජාත්‍යන්තර සම්මුතයටද?