බන්ධනාගාර නිලධාරියෙක් හෙරොයින් විකුණද්දී අත්අඩංගුවට..

March 21, 2021 at 12:40 pm | lanka C news
බන්ධනාගාර නිලධාරියෙක් හෙරොයින් විකුණද්දී අත්අඩංගුවට..

යාපනය බන්ධනාගාර නිලධාරියෙකු හෙරෝයින් ජාවාරමේ නිරතව සිටියදී හෙරෝයින් ග්‍රෑම් 20 ක් සමගින් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස්  මත්ද්‍රව්‍ය නාශක කාර් යංශයෙ නිලධාරී කාර් යාලය පවසයි.

යාපනය බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටින අදාල නිළධාරියා ඊයේ (20) දින රාජකාරියට වාර් ථා නොකර ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර් යංශයේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව යාපනය පැරණි බන්ධනාගාරය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

එහිදී අදාල බන්ධනාගාර නිලධාරියා හෙරෝයින් විකිණීමේ ජාවාරමක නිරතව ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී හෙරෝයින් ග්‍රෑම් 20 ක් තිබී සොයාගනු ලැබීය.

අත්අඩංගුවට පත් බන්ධනාගාර නිලධාරියා කලක සිට මෙම ජාවාරම සිදු කොට ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතර ඔහු යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු වන බවටත් අදාල බන්ධනාගාර නිලධාරියා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර් යංශ නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,819 views
Main News