බන්ධනාගාර රෝහලට ගියොත් GMOA භාරයේ.. ඒක අවදානම්.. සාත්තු සේවකයෙක්ට වුණත් මරා දැමීම සුළු දෙයක්..- රාජිත කියයි..

December 30, 2019 at 9:20 am | lanka C news
බන්ධනාගාර රෝහලට ගියොත් GMOA භාරයේ.. ඒක අවදානම්.. සාත්තු සේවකයෙක්ට වුණත් මරා දැමීම සුළු දෙයක්..- රාජිත කියයි..

රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ගියහොත් ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ග්‍රහණයට හසුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

හිටපු ඇමතිවරයා එවන් අවදානමකට ලක් කල නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසුවේ සැකකරුගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

හිටපු ඇමතිවරයා දැනට නාරාහෙන්පිට ලංකා පුද්ගලික රෝහලේ රැඳී සිටින්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා දැනට ටික කලකට පෙර මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සිංගප්පූරු රෝහලකින් හෘද සැත්කමක් කර ගත එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බවත් ලංකාවේ රෝහලකදී තමන් ඝාතනය කිරීම සාත්තුසේවකයෙකුට වුවත් සුළු කරුණක් බවය.

173 views

19 Comments to “බන්ධනාගාර රෝහලට ගියොත් GMOA භාරයේ.. ඒක අවදානම්.. සාත්තු සේවකයෙක්ට වුණත් මරා දැමීම සුළු දෙයක්..- රාජිත කියයි..”

  1. U Wiaja says:

    පුද්ගලික කියා නම තිබුනාට ලංකා හොස්පිටල් එකත් අයිති ලංකාවේ රජයට .

    2015 ට කලින් චෙයාමන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාය​.

  2. KDN says:

    Arppa Sira settled the bill of Mount Elisebeth-Singapore for this man supposed to be a begger from Prez. Fund,That money must be surcharged from both Sira & Rajitha

  3. අක්බාර් ලොක්කා says:

    සජිත්ව අංශු මාරයලට අහුවුණොත් ඒකම තමයි වෙන්නෙ

  4. Angoda Buva says:

    මේක රජයේ අනු දැනුම මත උනානම් ඒක ඒ ගොල්ලො කරපු ලොකුම වැරැද්දක් වගේම 69 ලක්ෂයක් ජනතාවට කල මහා සමච්චලයක්.

    දැන්නම් ඉතිං උඹලට 2/3 තියා 1/2 වත් ෂුවර් නැහැ.

    මේක අධිකරණයෙම තීරණයක් ඒක සමස්ත නීතියම විහිලුවට ලක් කිරීමක්. ඒ වගේම වරෙන්තු තියෙද්දිත් හැංගිලා හිටපු එකෙකුට මෙහෙම පලමු පාරම ඇප ලබාදීම අපරාධ කරුවන්ට ලබා දුන් මහා වැරැදි පූර්වාදර්ශයක්.

    කොහොමටත් මෙච්චර දවසක් උඹල වෙනුවෙන් ලියපු මම අද ඉඳන් සම්පූර්ණයෙන්ම ඒක නවත්වනව.

    ඒ විතරක් නෙමේ මෙච්චර කල් උඹල වෙනුවෙන් ලියපු එක ගැනත් මම හදවතින්ම දුක්වෙනව.