බන්ධනාගාර සිරකරුවෙක් මිය යයි.. කොරෝනා යයි මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ..

November 23, 2020 at 3:00 pm | lanka C news
බන්ධනාගාර සිරකරුවෙක් මිය යයි.. කොරෝනා යයි මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ..

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙක් මියගොස් ඇති අතර දේහය සම්බන්ධයෙන් සිදු කල මරණ පරීක්‍ෂාවේදී හෙලිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවයි.

මෙම පුද්ගලයා 82 හැවිරිදි පුද්ගලයෙකු වූ අතර ඔහු පිළිකා රෝගීන් පෙලීම හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලැබූවෙකි.

2006 වසරේදී ඔහු බන්ධනාගාරලක කර ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වීමෙනි.

බන්ධනාගාර රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීම හේතුවෙන් ඔහු මහර බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී ඇති වූ රෝගී තත්වයක් උත්සන්න වූ පසු රාගම ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී මෙම පුද්ගලයා මියගොස් ඇත.

දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී තිබේ.

19,886 views

3 Comments to “බන්ධනාගාර සිරකරුවෙක් මිය යයි.. කොරෝනා යයි මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ..”

  1. සනත් ඉතාලිය says:

    මනුශ්‍ය ඝාතනයක් සම්බන්දව අවුරුදු 82 දෙකක පුද්ගලයෙක් බන්දනාගාරයේ මියයනව. මිනීමැරුමක් සම්බන්දව මරනදඩුවමට නියමවූ අවුරුදු 22ක පමන තරුනයෙක් ජනාධිපති සමාවෙන් නිදහස් වෙනව. අරුම පුදුම රටක් ෆෙන්ස් මේක

  2. චන්දිමානි says:

    අවුරුදු 80 ට වැඩි සිරකරුවන්ට පොදු සමාවක් දී ගෙදර යැවීම සුදුසුයි. ඔවුන්ගේ ජීවිතයේ අවසන් කාලය ආගමික කටයුතු වල යෙදී පහන් සිතින් මියයාමට ඉඩදීම පින්කමක්. ඒ වයසේදී ඔවුන්ට තව අපරාධ කිරීමට තරම් ශාරීරික යොග්‍යතාවයක් නැතිනිසා එසේ ගෙදර යැවීමේ වරදක් දකින්නේ නැහැ. චූති සිත පහන්කරගෙන මීලග ප්‍රතිසන්ධි සිත යහපත්කරගන්න ඕනෑම සත්ත්වයෙකුට ඉඩදීම මහගු පින්කමක්.

Main News