බනින ඇමතිලා කොතරම් බැන්නත් ඉවසන්න.. නැතොත් මහින්ද ගාවට යයි..- ශ‍්‍රීලනිප ලොක්කෝ එජාපයට දන්වයි..

September 3, 2017 at 1:20 pm | lanka C news
බනින ඇමතිලා කොතරම් බැන්නත් ඉවසන්න.. නැතොත් මහින්ද ගාවට යයි..- ශ‍්‍රීලනිප ලොක්කෝ එජාපයට දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂයට කොපමණ බැන්නත් එසේ බැණ වදින ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට කිසිම දොස් පැවරීමක් සිදු කිරීමට නොහැකියයි ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් හා එජාප ප‍්‍රධානීන් අතර පැවති හමුවකදී ශ‍්‍රීලනිප පාර්ශවයෙන් දන්වා ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු නිතරම එජාපයට බැන වදින බවත් ඔවුනට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතු බවටත් එජාප පාර්ශවයෙන් කරන ලද චෝදනාවට පිලිතුරු ලෙස මෙම පිලිතුර ලබා දි තිබේ.

මෙසේ වී ඇත්තේ කිසියම් හෝ දොසක් පැවරුවහොත් එහ ඇමකි පිරිස එසැනින් එකාබද්ද විපක්‍ෂය හා එක්වී ආණ්ඩුව අපහසුතාවයට පත් කරන නිසා බවත් එනිසා කොතරම් බැන්නත් එය ඉවසාගෙන සිටිය යුතු බවත් ශ‍්‍රීලනිප පාර්ශවය දන්වා ඇත.

18 views
Main News