බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියට බෝම්බ ප‍්‍රහාරයක්…

November 11, 2021 at 2:10 pm | lanka C news
බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියට බෝම්බ ප‍්‍රහාරයක්…

බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බ ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම 23 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (10 වැනිදා) නියෝග කළාය.

බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් බම්බලපිටිය ආදීමලේ පෙදෙසේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නමැති සැකකරුවකු එලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

මෙම සැකකරු පෙරේදා (9 වැනිදා) උදෑසන බෝරා දේවස්ථානයේ මුළුතැන්ගෙයට එක් පෙට්‍රල් බෝම්බයක් එල්ල කර තිබෙන බවත්, බෝම්බය පිපිරී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම පෙට්‍රල් බෝම්බය ගැසූ ස්ථානයේ කිලෝග්‍රෑම් 36 1/2ක ගෑස් සිලින්ඩර 6ක් තිබී ඇති අතර යම් හෙයකින් පෙට්‍රල් බෝම්බය පුපුරා ගියේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

අදාළ සැකකරු නැවත නිවසට ගොස් තවත් බෝම්බයක් ගෙනවිත් දේවස්ථානයට දමා ගසා ඇතැයි දන්වා සිටි බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් සැකකරු දමා ගැසූ දෙවැනි බෝම්බය පිපිරී ගොස් නැතැයිද අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන්ද වාර්තාවක් ලබා ගන්නා බව දන්වා සිටි පොලිසිය මේ සම්බන්ධයෙන් සැකකරු කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන බවද අධිකරණයට දන්වා සිටියේය.

– Aruna

207,514 views

10 Comments to “බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියට බෝම්බ ප‍්‍රහාරයක්…”

  1. රාජන් says:

    නමේ හැටියට නම් සැකකරුත් බෝරා ජාතිකයෙක් වෙන්න ඕනේ !

    • lakshitha says:

      තමුන් නම් ඒ අතින් පරිස්සම් වෙලා තියෙනව නියම නමක් නොදා සිංහල නමක් දා ගන්න මොහොමඩ්..

      • රාජන් says:

        යේක හරියට තේරුනේ නෑ දොරේ !දාගන්න ඕනේ ශිංගල නමක්ද මුෂ්ලිම් නමක්ද ?

    • Dp says:

      කැන්බෝයි. කියන්නේ කව්බෝයි ලාට නෑකම් කියන සෙට් ඒකේ එකෙක් වගේ නේද.

  2. Gon athal says:

    Harineda wade… ayeth game ekaka patan aragena thiyenne…🤣🤣🤣

  3. හරියා says:

    ඡන්දේ ලගයි වගේ. බොමිබ කාට ගැහුවත් ජනතාව අන්දනවා බොරු.

  4. අල්ලාහු අක්බර් says:

    මූ බෝම්බ ගහලා තියෙන්නේ අල්ලා නිවාඩු ගිහින් තියෙන වෙලාවකද?

    නැතිනම් දැන් අල්ලාත් සල්ලිවලට ද පැත්ත ගන්නේ? බෝරා මුස්ලිම් කියන්නේ සිරා සල්ලි තියෙන එවුන්. ඔය IS කාරයෝ වගේ හිඟන්නෝ නෙමෙයි. මට පේන්නේ දැන් අල්ලාත් සල්ලි වලට තමයි වැඩ කරන්නේ.

  5. Hasith says:

    Isis වහාබි ලොක්කා ප්‍රකාශ කලා බෝරා සහ ශියා මුස්ලිම් අය මරා දමන්න කියලා ප්‍රහාර දෙන්න කියල.සුන්නි මුස්ලිමුන් මේ ශියා සහ බෝරා මුස්ලිම් අය සමග වයිරයි වහාබි ක්‍රමය අනුව ලෝකෙ ජිවත් වන්න පුලුවන් වහාබි මුස්ලිම් ආයට පමනයි අනෙක් ආය මුස්ලිම් ආගමට හරෙන්න උවමනයි.මේ ප්‍රහාරය කර තිබ්න්නේ එලෙස බෝරා ආගමේ සිට වහාබි මුස්ලිම් වූ අන්තවාදියෙක් බව ස්තිරයි

  6. ගමේ මනුස්සයා says:

    ජාතිවාදය අවුස්සල ගොඩ යන්න හදන කවුරු හරි ඉන්නවා තමන්ගේ අදහසක් ඉශ්ට කරගන්න ඉන්නවා නම් පහත් ගතියක්.එහෙම අදහස් තියෙනවා නම් ඉශ්ට වෙන එකක් නෑ..