බඹර කූඩු නිසා ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කරයි..

August 5, 2020 at 12:40 pm | lanka C news
බඹර කූඩු නිසා ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කරයි..

බඹර කූඩු බැඳ තිබීම හෙතුවෙන් ඇති වු හදිසි අවශ්‍යතාවයක් මත වවුනියාවේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කිරීමට සිදු වූ බවට වන්නි දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරී සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

අංක 113 ඊරට්ටපෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය බඹර කූඩු කිහිපයක් බැඳ තිබීම හේතුවෙන් ඡන්ද දායකයින්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස වෙනත් ස්ථානයක ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කළ බව වන්නි දිස්ත්‍රික්  තේරීම් භාර නිලධාරී එස්.එම්. සමන් බන්දුලසේන මහතා පැවසීය.

මැතිවරණ කොමිසමේ අනුමැතිය පරිදි එම කොට්ඨාසය තුළ ම පිහිටි වවුනියාව දකුණ ප්‍රාදේශිය සභා නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව වෙත එම ඡන්ද මධ්‍යස්ථානය රැගෙන ගිය බවටත් සිදු වූ වෙනස්වීම පිළිබඳව නිලධාරීන් සියලු වැසියන්ට දැනුම් දී ඇත.

ඊට අමතරව ග්‍රාම නිලධාරිවරයා විසින් සෑම නිවසක් වෙතම මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීමක් දීඹක්ද සිදු කර ඇති බවට වන්නි දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීවරයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

173 views
Main News