බඹර ප්‍රහාරයක් නිසා පාසැල වසා දමයි.. සිසුන් 25ක් රෝහල් ගත කෙරේ..

September 14, 2018 at 5:30 pm | lanka C news
බඹර ප්‍රහාරයක් නිසා පාසැල වසා දමයි.. සිසුන් 25ක් රෝහල් ගත කෙරේ..

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල විම හේතුවෙන් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු පමණ  මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව මස්කෙලිය පොලිසිය කියයි.

අද(14) දහවල් 12 ට පමණ පාසලේ විවේක කාලයේදි ක්‍රිඩා පිටියේදි සෙල්ලම් කරමින් සිටි සිසු සිසුවියන් පිරිසකටයි මෙම ප්‍රහාරය එල්ල වි ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් පහ වසරේ සිසු සිසුවියන් පිරිසක් තුවාල ලබා ඇති බවයි එම විදුහලේ ගුරුවරයෙකු කියා සිටියේ.

බඹර ප්‍රහාරය එල්ල විම නිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ  අනුමැතිය  පරිදි  පාසල තාවකාලිකවවසා දැමිමට පියවර ගත බව එම විදුහලේ ගුරුවරයෙකු කියා සිටියා.

බඹර ප්‍රහාරය සම්බන්ධව මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

53 views
Main News