බඹර ප්‍රහාරයක් හත් දෙනෙක් රෝහල් ගත කෙරේ…

August 3, 2019 at 2:08 am | lanka C news
බඹර ප්‍රහාරයක් හත් දෙනෙක් රෝහල් ගත කෙරේ…

එලවළු කොටුවේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු කම්කරුවන් හත් දෙනාම බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසො වතු යායේ පෞද්ගලික ගොවිපෙලක වැඩ කරමින් සිටි කම්කරුවන්ට මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුවේය.

එලවළු කොටුව අසල තිබු විශාල ගසක බැද  තිබු බඹර කුඩුවක වද කැඩිම සදහා  උකුස්සෙකු පහර දිම හේතුවෙන් ඇවිස්සුනු බඹරුන් එලවළු කොටුවේ වැඩ කරමින් සිටි කම්කරුවන් හය දෙනෙකුට සහ එක් කම්කරු කාන්තාවකට පහර දි තුවාල සිදු කර ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු හත් දෙනාම බගවනත්ලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසයද පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

45 views
Main News