බඹර ප්‍රහාරයක්…. 35 දෙනෙක් රෝහල් ගත කෙරේ…

July 8, 2020 at 2:04 am | lanka C news
බඹර ප්‍රහාරයක්…. 35 දෙනෙක් රෝහල් ගත කෙරේ…

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු ආගරපතන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

ආගරපතන පොලිස් වසමට අයත් වෙන්මොර් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ආගරපතන ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 30 දෙනෙකු සහ වතු කම්කරුවන් පස්දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ආගරපතන රෝහලේ වෛද්‍යවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

0 views