බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට…

January 31, 2019 at 2:56 am | lanka C news
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට…

තලවාකැලේ පුංචි කටුකැලේ වතුයායේ තම එළවළු කොටුවේ වැඩ කරමින් සිටි වතු කම්කරු යුවළකට (30) එල්ල වූ බඹර ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිඳ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රෝහලට ඇතුළත් කර ඇති තලවකැලේ පොලිසිය පැවසිය.

මෙසේ බඹර ප්‍රහාරයට ලක් ව  මිය ගොස් ඇත්තේ පළණියාණ්ඩි සුබ්‍රමණියම් හැත්තෑ දෙහැවිරිදි (72) පුද්ගලයෙකුයි. බඹර ප්‍රහාරයට  ලක් වු බිරිඳ බරපතල තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

එළවළු කොටුව අසල තිබූ ගසක බැඳ තිබූ    විශාල බඹර කුඩුවක් ඇවිස්සී තමන්ට පහරදුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කාන්තාව පැවසුවාය.

මිය ගිය අය රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි ලිඳුල රෝහලේ වෛද්‍යවරු  කියා සිටියේ.

මිය ගිය අයගේ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහලේදී සිදු කිරිමට  නියමිත බව තලවාකැලේ පොලීසිය පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

 

25 views
Main News