බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 55ක් රෝහලේ..

September 7, 2019 at 2:03 am | lanka C news
බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 55ක් රෝහලේ..

බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතු දෙකක තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙක් බගවන්තලාව ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව  බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් , ලින්ෆොඩ් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 35 දෙනෙකු සහ කර්කස්වොල් වතුයායට අයත් හෙල්බොඩ උඩ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 20 දෙනෙකුට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

ලොයිනොන් ලින්ෆොඩ් වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පහර දෙන අවස්තාවේ බඹර ප්‍රහාරයෙන් මිදිමට තේ පදුරු මත  වතු කම්කරු කාන්තාවන් දිව යන අවස්තාවේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක්ද ඇවිස්සි තමන්ට පහර දුන් බව එම වතුයායේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.

මේ අතර කර්කස්වොල් හෙල්බොඩ කොටසේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින වල පැවති අයහපත් කාලගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේ පදුරු මත සහ තේ වතුයායේ උස ගස්වල කුඩු බැද ඇති බවත්, මේ දිනවල බැද ඇති කුඩුවල බඹර පැණි ඇති නිසා සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සි තේ වතුයායේ බැඩ කරමින් සිටින තමන්ට බඹරුන් පහර දුන් බව වතු කම්කරුවන් කියා සිටියි.

තේ වතු යායේ වැඩ කරන වතු කම්කරුවන්ට නිතර නිතර බඹර ප්‍රහාර එල්ල වන නිසා තේ වතු යායවල් බැද තිබෙන බඹර කුඩු විනාශ නොකර බිගු සම්පත සුරැකිමේ සංවිධානයේ සහයෝගය ලබාගෙන බඹර කුඩු ඉවත් කිරිමට වැඩ පිලිවෙලක් දියත් කරන ලෙස බගවන්තලාව ප්‍රදේශයේ සියළුම වතු පාලන අධිකාරිවරුන් වෙත දැනුම් දි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාද පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,606 Viewers

One Comment to “බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 55ක් රෝහලේ..”

  1. Rata Wenuwen says:

    ඕක රජක සජියගෙයි හුනු හරි නයාගෙයි joint operation එකක්

Main News