බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහල් ගත කෙරේ.. ගැබිණියකට බරපතලයි..

June 2, 2019 at 2:17 am | lanka C news
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහල් ගත කෙරේ.. ගැබිණියකට බරපතලයි..

වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ ඉහල  කොටසේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන 12 දෙනෙකු තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තේ දළු නෙලමින් සිටි තමන්ව පන්න පන්නා පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතව සිටින වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.

බඹර ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබු ගැබිණි කාන්තාවක් නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යැවිමට කටයුතු කර ඇති බව වටවල රෝහලේ වෛද්‍යයවරයෙකු පැවසිය.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

16 views
Main News