බඹර ප්‍රහාරයකින් 21දෙනෙක් රෝහල් ගත කෙරේ…

April 9, 2019 at 5:30 pm | lanka C news
බඹර ප්‍රහාරයකින් 21දෙනෙක් රෝහල් ගත කෙරේ…

හැටන් දිඹුල පොලිස් වසමට අයත් ඩ්‍රෙටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (09) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 21 දෙනෙක් රෝහල් ගත කර ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති සියල්ල පිරිමි අය බව දිඹුල පොලිසිය පැවසුවේය.

තේ පදුරත් මත බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තමන්ට පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරුවන් කියා සිටියේය.

ඊයේ (08)පස්වරුවේද එම වතුයායේම වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් 36 දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම තුවාල කරුවන් සියළු දෙනා අද උදැසන ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග යලිත් බඹර ප්‍රහාර උත්සන්න වි ඇති අතර බඹරුන් බක් මාසය තුල බඹර වද බදින නිසා එම බඹර වද ආරක්ෂා කර ගැනිමට බඹරුන් මෙසේ පහර දෙන බව පරිසිරවේදින් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

54 views
Main News