බඹර ප්‍රහාරයෙන් තුවාල වූ පිරිසක් රෝහලේ..

September 27, 2019 at 2:02 am | lanka C news
බඹර ප්‍රහාරයෙන් තුවාල වූ පිරිසක් රෝහලේ..

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන්  තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව  ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව  පොලිසිය පැවසිය.

බගවන්තලාව කැම්පියන් තේ වතු වල වැඩ කරමින් සිටියදි තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් එකවර ඇවිස්සි තමන් බඹරුන් පහර දුන් බව මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.

බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙක් සහ වතු කම්කරුවෙක් තුවාල ලබා ඇත.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

13 views
Main News