බඹර ප‍්‍රහාරයකින් කම්කරුවන් දස දෙනෙක් රෝහල් ගත කෙරේ…

November 30, 2019 at 2:07 am | lanka C news
බඹර ප‍්‍රහාරයකින් කම්කරුවන් දස දෙනෙක් රෝහල්  ගත කෙරේ…

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් දස දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනෝන් වතුයායේ මැද කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු බඹර වදයට පහර දිම නිසා ඇවිස්සුනු බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගන්තලාව ප්‍රාදේශිය රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවද බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යයවරයා පැවසිය.

1,687 Viewers
Main News