බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලේ..

May 10, 2020 at 2:21 am | lanka C news
බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලේ..

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (09) දින ඇතුලත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ  වත්තේ මාර ගසක බැද තිබු බඹර කුඩුවලින් එක් කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව බිමට කඩා වැටිමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මේ දිනවල තේ වතු ආශ්‍රිත මාර ගස් වල සහ තේ පදුරු මත විශාල වහයෙන් බඹරුන් කුඩු බැදි ඇති බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හමුවේ පනවා ඇති ඇදිරි නිතිය හේතුවෙන් තේ වතු ආශ්‍රිතව දෛනික තේ දළු නෙලිමේ කටයුතු සිදු කරන බව වතු අධිකාරිවරුන් කියා  සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

809 Viewers

One Comment to “බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලේ..”

  1. ලිහිණි says:

    මේ තේ වතු කම්කරුවන් අහිංසක සතුන් මැරීමේ සහ වන රක්ෂිත විනාශකිරීමේ කටයුතු වල දී සිටීම නිසා ස්වභාව දර්මයෙන් ඔවුන්ට දඩුවම් ලබා දෙයි
    මේ මිනිස්සු නිසා අපේ රටේ කදුකරේ පරිසරයට සිදුවන්නේ විශාල විනාශයක් ,මොවුන්ට ඒ සදහා දඩුවම් ලබා දිය යුතුයි ..එසේ නොමැතිනම් ඔවුන් නැවත ඉන්දියාවට පිටමන් කල යුතුයි ..තේ දළු කැඩීමට නවීන යන්ත්‍ර යොදාගැනීම කල යුතුයි .. මැදපෙරදිග වහල් රැකියා කරන අපේ රටේ තරුණ තරුණියන් තේ කර්මාන්තයට යොදාගැනීම කල යුතුයි