බඹර ප‍්‍රහාරයකින් 19ක් රෝහලේ..

October 21, 2019 at 2:06 am | lanka C news
බඹර ප‍්‍රහාරයකින් 19ක් රෝහලේ..

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 19 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් එන් සි තේ කොටසේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිමෙන් ඇවිස්සුනු බඹරුන් තමන්ට පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.

ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසුවේය.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

56 views