බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..

November 5, 2020 at 9:20 am | lanka C news
බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..

පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

පවතින තත්ත්වය අනුව ඇමරිකාවේ මිලග ජනාධිපතිවරයා වීමේ වැඩිම ඉඩක් ඩිමොක‍්‍රටික් පක්‍ෂ අපේක්‍ෂක ජෝ බයිඩන් වෙත ලැබී ඇත.

බයිඩන්ට දැනට ඉතාම වාසි සහගත තත්වයක ඇති නෙවාඩා ප්‍රාන්තය ජය ගත් සැණින් ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල ප‍්‍රමාණය (270) බයිඩන් සම්පූර්ණ කරයි.

වත්මන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට ඇති අවස්ථාව ඉතාම අවම තත්ත්වයක පවතී.

කෙසේ වෙතත් මිචිගන් ප‍්‍රාන්තයේ ඡන්ද විමසීම අහෝසි කරන්නැයි ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට වන බව පවසන ට‍්‍රම්ප් මෙම ඡුන්ද වංචාව ඇමරිකානුවන්ට අවමානයක් යයිද ප‍්‍රකාශ කර ඇත.

177,950 views

42 Comments to “බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..”

  1. Jagath says:

    ට්‍රම්ප් සුළග පටන් ගමු. දේශප්‍රේමීන් එකතුකරන් ආණ්ඩුව පෙරලමු.

  2. Prof Rohan Rajapakse says:

    It is not Nevada but the people in Georgia will decide who will be the next President of USA. At this time of writing Joe Biden is 463 votes behind Donald Trump in Georgia . and will become the next President within one hour and this is good for a country like Sri Lanka. NO more Pompeo will come to grab our Port of Trincomalee and it is the Democratic party who will come to power like Barack Obama Bill Clinton who were the most popular Presidents of USA

  3. Hukas says:

    ඇමරිකානු දේශප්‍රේමී මිත්‍රවරුනි දැන් ඉතින් කොටි පුල්ලි වලට කෑදර එහෙයියාවන් ගේ නාඹර අවධියට සුදානම් වෙමු

  4. Swordfish says:

    බයිඩන් ජනාදිපති වෙනකම් බලන් ඉන්න උන් සෙට් එකක් ඉන්නවා ලංකාවෙ. ෆේස්බුක් එකේ දමිත් කේතක පැයෙන් පැයට අප්ඩේට් දානවා.

    මුන් ඔක්කොම අමතක කරන කාරනේ තමයි බයිඩන්ගෙ පිටිපස්සෙන් ඉන්නෙ හිලරි ක්ලින්ටන් කියන එක. ක්ලින්ටන් දෙමල ඩයස්පෝරාවත් එක්ක සම්බන්දකම් තියෙන, ලංකාවෙ මානව හිමිකම් ගැන ලොකුවටම ප්‍රශ්න ඇතිකරන කෙනෙක්. බයිඩන්ගෙ උප ජනාදිපති අපේක්ෂක කමලා හැරිස්ගෙ කාර්ය මණ්ඩලයෙත් යාපනේ සිට ඇමරිකාවෙ පදිංචියට ගිය කාන්තාවක් ඉන්න බව කියවෙනවා. මේ කරුණු බලද්දි බයිඩන් ජනාදිපති වුණොත් ලංකාවට ඉදිරි අවුරුදු 4 තුළ ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ලංකාවෙ ඉන්න සමහර කාලකණ්නින්ට ඕනෙ කරන්නෙත් ඒකම තමයි

Main News