බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..

November 5, 2020 at 9:20 am | lanka C news
බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..

පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

පවතින තත්ත්වය අනුව ඇමරිකාවේ මිලග ජනාධිපතිවරයා වීමේ වැඩිම ඉඩක් ඩිමොක‍්‍රටික් පක්‍ෂ අපේක්‍ෂක ජෝ බයිඩන් වෙත ලැබී ඇත.

බයිඩන්ට දැනට ඉතාම වාසි සහගත තත්වයක ඇති නෙවාඩා ප්‍රාන්තය ජය ගත් සැණින් ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල ප‍්‍රමාණය (270) බයිඩන් සම්පූර්ණ කරයි.

වත්මන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට ඇති අවස්ථාව ඉතාම අවම තත්ත්වයක පවතී.

කෙසේ වෙතත් මිචිගන් ප‍්‍රාන්තයේ ඡන්ද විමසීම අහෝසි කරන්නැයි ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට වන බව පවසන ට‍්‍රම්ප් මෙම ඡුන්ද වංචාව ඇමරිකානුවන්ට අවමානයක් යයිද ප‍්‍රකාශ කර ඇත.

178,561 views