බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..

November 5, 2020 at 9:20 am | lanka C news
බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..

පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

පවතින තත්ත්වය අනුව ඇමරිකාවේ මිලග ජනාධිපතිවරයා වීමේ වැඩිම ඉඩක් ඩිමොක‍්‍රටික් පක්‍ෂ අපේක්‍ෂක ජෝ බයිඩන් වෙත ලැබී ඇත.

බයිඩන්ට දැනට ඉතාම වාසි සහගත තත්වයක ඇති නෙවාඩා ප්‍රාන්තය ජය ගත් සැණින් ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල ප‍්‍රමාණය (270) බයිඩන් සම්පූර්ණ කරයි.

වත්මන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට ඇති අවස්ථාව ඉතාම අවම තත්ත්වයක පවතී.

කෙසේ වෙතත් මිචිගන් ප‍්‍රාන්තයේ ඡන්ද විමසීම අහෝසි කරන්නැයි ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට වන බව පවසන ට‍්‍රම්ප් මෙම ඡුන්ද වංචාව ඇමරිකානුවන්ට අවමානයක් යයිද ප‍්‍රකාශ කර ඇත.

178,509 views

42 Comments to “බයිඩන් ජනාධිපති වෙන්න අතේ දුරින්.. නෙවාඩා දින්න සැනින් ඔහු ජනපතියි..”

  1. Nimal Perera says:

    ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව බොහෝදුරට බයිඩන් මීලඟ ජනාධිපති වීමට ඉඩ ඇත. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ පාලන සමය තුළ ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් වූ බලපෑම සාපේකෂව අවමය.ට්‍රම්ප්ගේ පාලන සීමාව තුළ වෙනත් රටක් වනසා දැමුවේ නැත. සැමවිටම උත්සාහ කරේ තමන්ගේ රට වැසියන් වෙනුවෙන් යමක් කිරීමටය. සාපේක්ෂ වශයෙන් ලොවට ඔහුගේ පාලන සමය සාමකාමී අවුරුදු හතරක් විය. අලුතෙන් යුද්ධයක් ඔහු පටන් ගත්තේ නැත.බොහෝවිට එම සාමකාමී කාලය ලොවට මින් ඉදිරියට නොලැබෙනු ඇත.

    ඇමරිකානුවන් තීරණය කර ඇත. නැවතත් ඔවුන්ට නළුවෙක් අවශ්‍ය කර ඇත. ලස්සනට කතා කරන ,බිරිඳගේ අතින් අල්ලාගෙන යන ජනාධිපති කෙනෙක් ඔවුන් තෝරාගෙන ඇත. බයිඩන් ඉරානය දෙසට හැරෙනු ඇත. කමලාවතී ශ්‍රී ලංකාවට දැඩි ලෙස කරදර කරනු ඇත. ඉදිරි අවුරුදු හතර ලොවට බිහිසුණු අවුරුදු හතරක් වනු ඇත.

    බලන් සිටිමු.

    Thank you President Trump..🇺🇸
    By – AJ Griffin

    • Mr. එච් යු කන්නා says:

      රිපබ්ලිකන් ඩීල් අයියා යි එයාගේ මල්ලි ටයි කරදරයක් වෙයි කියලා බයයි ද ? බය වෙන්න එපා කමලා අක්කා ට මුට්ටිය අල්ලා ලා බලමු. නැත්නම් ඩුවල් සිටිසන් තියාගෙන පාර්ලිමේන්තු එන්නත් තහනම් නේ. ඇමරිකාවේ උන් ජනාධිපති තෝරන්න ඕන ලංකවේ ආණ්ඩුව ට ගැලපෙන විදිහට ද ?

      • Jehan says:

        There are witnesses to mass election fraud committed by Bidden supporting postal companies. They have back dated more than 1million postal votes posted after the dead line. So don’t think about Biddens precideny yet.

        • සිරිමෙවන් එල්ලාවල says:

          සිත නිවන කතා…
          පැරදුණානම් පූ නොදී මහත්තයෙක් වගේ ගෙදර යන්න කියපන් ට්‍රම්පට් එකට.

          • Swordfish says:

            ප්‍රදාන මාද්ය ආයතන වල නිව්ස් බලලා ගොබ්බයෙක් වගේ කියවන්න එපා. උන් ඔක්කොම ඇමරිකන් කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ අයිතියට තියෙන්නෙ. උන් ඔක්කොම ට්‍රම්ප්ට විරුද්දයි

    • wijebahu says:

      Any one will take LTTE/diaspora side against retards who are runing the country now. retards who are runing the country have no aptitude to deal with foreign affairs. specially card board heroes who once pumped gas in US gas stations.

      • jess says:

        SO taking LTTE/diaspora side is the sensible thing? is that what you are saying. On the other hand according to you guys ayya has billions of money but malli has to pump gas??? nothing is adding up, except that you are one of those LTTE sympathiser

    • සිංහල බන්ඩා says:

      ඩිමොක්‍රැටික් කිව්වට උන්ට තියෙන්නෙ උන්ගෙම ක්‍රමයට දුර්වල රටවල් තවත් දුර්වල කරන අභිප්‍රායක්.

  2. Nimal Perera says:

    ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව බොහෝදුරට බයිඩන් මීලඟ ජනාධිපති වීමට ඉඩ ඇත. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ පාලන සමය තුළ ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් වූ බලපෑම සාපේකෂව අවමය.ට්‍රම්ප්ගේ පාලන සීමාව තුළ වෙනත් රටක් වනසා දැමුවේ නැත. සැමවිටම උත්සාහ කරේ තමන්ගේ රට වැසියන් වෙනුවෙන් යමක් කිරීමටය. සාපේක්ෂ වශයෙන් ලොවට ඔහුගේ පාලන සමය සාමකාමී අවුරුදු හතරක් විය. අලුතෙන් යුද්ධයක් ඔහු පටන් ගත්තේ නැත.බොහෝවිට එම සාමකාමී කාලය ලොවට මින් ඉදිරියට නොලැබෙනු ඇත.

    ඇමරිකානුවන් තීරණය කර ඇත. නැවතත් ඔවුන්ට නළුවෙක් අවශ්‍ය කර ඇත. ලස්සනට කතා කරන ,බිරිඳගේ අතින් අල්ලාගෙන යන ජනාධිපති කෙනෙක් ඔවුන් තෝරාගෙන ඇත. බයිඩන් ඉරානය දෙසට හැරෙනු ඇත. කමලාවතී ශ්‍රී ලංකාවට දැඩි ලෙස කරදර කරනු ඇත. ඉදිරි අවුරුදු හතර ලොවට බිහිසුණු අවුරුදු හතරක් වනු ඇත.

    බලන් සිටිමු.

    Thank you President Trump..🇺🇸
    By – AJ Griffin

  3. Darshana says:

    මෙතන බිඩන් ගේ ජය ගැන කතා කරන එවුන් හැමෝම එන්ජිඕ කාරයෝ .බිඩන් කියන්නේ ඔබාමාගේ හිටපු උප ජනපති ඒවගේම හිලරි කියන්නේ ඔවුන්ගේ හිටපු රාජ්‍ය ලේකම් ,අපි කවුරුත් දන්නවා හිලරි වෙනුවෙන් අපේ කොටි වැඩකලේ කොහොමද කියල .ඒවගේම අපි කවුරුත් දන්නව ඔබාමා පාලනය අපිව මානව හිමිකම් උගුලේ හිරකලේ කොහොමද කියල.ඒවගේම ඔවුන්ගේ ඒ උගුලේ ස්ව කැමැත්තෙන්ම වැටෙන්න අපේ මංගල සමරවීර කියන දේශද්‍රෝහියා කටයුතු කලේ කොහොමද කියල .මංගල සමරවීර ,චන්ද්‍රිකා ,රනිල් ,සජිත් මුන් ඔක්කොම සහය දෙන්නේ ඔය බිඩන් ,කමලා ,ඔබාමා ,හිලරි කට්ටියට .ඒ කියන්නේ ට්‍රම්ප් හොන්දයි අපිට කියන එක නෙවෙයි නමුත් ට්‍රම්ප් තමන්ගේ රට ඇතුලේ ත්‍රස්තයන් ක්‍රියාත්මක වීම නුරුස්සන කෙනෙක් .පොම්පියෝ ඇවිත් අපිට කෙලින්ම මානව හිමිකම් ගැන පුස් ටෝක් එකෙක් දුන්න නමුත් හිලරිලා බිඩන් ලා ඔබාමාලා ඊට එහාට ගිහින් අපිට කරදර කරනවා .චීනය සමග බිඩන් ලා හිලරිලා හොඳ නිසා චීනය උනත් අපි වෙනුවෙන් මැදිහත් වෙන එකක් නෑ ඒ මදිවාට කමලා හැරිස් කියන ගෑනි බාගයක් දෙමල බාගයක් කළු ගෑනියෙක් ඔය ගෑනි අනිවාර්යෙන්ම අපිට විරුද්දව මහා විශාල වැඩ කොටසක් කරාවි .ඇමරිකාවේ මේ අලුත් බලපෙරලිය එක්ක මන්ගල ,රනිල් ,සජිත් සමග කොටි හවුල අපිට විරුද්දව නව පණක් ලබා කටයුතු කරාවි

    • එච් යු කන්නා ( බොම්බේ) says:

      රිපබ්ලිකන් ඩීල් අයියා යි එයාගේ මල්ලි ටයි කරදරයක් වෙයි කියලා බයයි ද ? බය වෙන්න එපා කමලා අක්කා ට මුට්ටිය අල්ලා ලා බලමු. නැත්නම් ඩුවල් සිටිසන් තියාගෙන පාර්ලිමේන්තු එන්නත් තහනම් නේ

      • jess says:

        රිපබ්ලිකන් ඩිමොක්‍රටික් ඩීල් කෙසේ වෙතත් කමලක්ක අපිට සලකයිද? නැත්තන් අයිය මල්ලි පරදිනවනම් රටට හෙන ගැහුවත් ඔයාට අවුලක් නැද්ද. මොකද ඔබාමලගෙ සහ හිලරි ලගෙ ඩීල් නම් අතේ කෝට් උනානෙ. බිඩෙන් ඉතින් ඉන්නෙත් ඒ පිලේමනෙ.

  4. Nimal says:

    අම්මෝ කොරහේ කිබුල්ලු ගොඩ, මහා තඩි උන් පිරිලා

  5. Dan s says:

    Trump Wage Gonaaathal Dena eunta Honda Wade…..
    Trumpath Loku loku Systems gana Kataha Kiyagenai Awe

  6. ගමරාළ says:

    Congrats Mr President Trump..

  7. බොන්ඩ් says:

    ඇමරිකාවෙ චන්දෙ දින්න ගමන් ජනාධිපති වෙන්නෙ නැහැ. දිනපු ගමන් ප්‍රෙසිඩන්ට් ඉලෙක්ට්. දිවුරන්නෙ මාස දෙකකට පසුවය්. ඒ අතර බලය මඅව මාරු වෙනවා. සම්මතය ඒනයි.

  8. Jagath says:

    ට්‍රම්ප් සුළග ඉක්මනට පටන් ගමු. දේශප්‍රේමී සෙට් එක එකතුකර ගනිමු. මිනිස්සු ටික අන්දමු. ආණ්ඩුව පෙරලමු.

  9. ගමරාළ says:

    ලෝක සෞක්‍ය සoවිදානය චීනය සමග හනිමූන් ගිහින් මේ කොරොනා වයරසය ලොව පුරා පැතිරෙන තුලු නිහඩව සිටියා.. මෙයට විරුද්දව කතා කල සහ පෙරට ආපු එකම රාජය නායකයා ට්‍රම්ප් ජනාදිපති පමනයී.. ඔහු රිජු තීරන ගන්න කෙනෙක්.. ඔහු who එකෙන් ඉවත් වීමටත් කටයුතු කලා.. බිඩෙන් දිනුවම චීනත් who එකත් දිනුම්. Us fate will be sealed here..

  10. On The Spot says:

    කවුරු කෙසේ කීවත් බයිඩන්ගේ පත් වීම ලංකාවේ දේශපාළණයට බලපෑමක් එක් කිරීම වැලැක්විය නොහැකි කරුණකි.හිලරි ක්ලින්ටන් ඔහුගේ සමීපතමයකු වීම මෙයට දැඩි සේ බලපානු ඇත​.ඇය රාජ්‍ය ලේකම්ව ඉන්නා අවදියේ මංගල සමරවීර වැන්නවුන් ශ්‍රී ලංකාව පිළිබඳ අඳුරු වාර්ථාවන් ඈ හමුවේ තබා ඇත​.ඒ අළු යට ගිනි තාමත් නොනිවී පවතී.මේ රට විනාශ කරන්නට කැස කවන උන්ට බයිඩන්ගේ ජයග්‍රහණයෙන් උදම් ඇනිය හැක​.අපි මතුවට සිදු වන්නේ කුමක්දැයි බලා හිඳිමු.

Main News