බයිපාස් සැත්කම කරන්න පෙර ලක්‍ෂ හතයි.. කලාම ලක්‍ෂ 12යි.. අන්තිම බිල ලක්‍ෂ 18යි.. පෞද්ගලික රෝහලක ජාවාරමක්

January 28, 2018 at 5:30 pm | lanka C news
බයිපාස් සැත්කම කරන්න පෙර ලක්‍ෂ හතයි.. කලාම ලක්‍ෂ 12යි.. අන්තිම බිල ලක්‍ෂ 18යි.. පෞද්ගලික රෝහලක ජාවාරමක්

රුපියල් මිලියන 3400 ක් වැය කරමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් භූමියේ දී සිදු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බේරුවල රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මෙම රෝහල බෝඩ් ලෑල්ලට පමණක් මුලික රෝහලක් වන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය ශල්‍ය, ළමා, නාරිවේද, වෛද්‍ය යන ක්ෂේත්‍ර සදහා විශේෂඥ වෛද්‍යවරුන් ද ලබාදෙනවා. මෙම රෝහලේ අඩුපාඩු සකස් කිරීම සදහා රුපියල් මිලියන 100 ක් මීට පෙර වැය කර තිබෙනවා. අලුත්ගම රෝහල සහ දර්ගා නගර රෝහල ද සංවර්ධනය කරනවා. කලුතර මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු කර තිබෙනවා. හදිසි අනතුරු අංශය, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, ළමා හා මාතෘ රෝහල ඇතුලු සියලුම අංශ මෙහි සංවර්ධනය කරනවා. ශ්‍රී ලංකාවේ දෙවන ළමා හා මාතෘ රෝහල ඉදිකරන්නෙත් කලුතර ගල්අස්ස ප්‍රදේශයේ. පානදුර රෝහල ජර්මන් ණය ආධාර යටතේ රුපියල් මිලියන 2600 ක් වැය කරමින් සංවර්ධනය කරනවා. හොරණ මුලික රෝහලත් සංවර්ධනය කරනවා.

හදිසි අනතුරු අවම කර ගත යුතුයි. නිදහස් සෞඛ්‍ය සේවාව නිවැරදි ආකාරයට ජනතාවට වර්තමානයේ හිමි වෙනවා. ඖෂධ හිගයක් රෝහල් තුල නැහැ.අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. එම මිල අඩු කළේ ද ඖෂධ සමාගම් වල බලපෑම් යටතේ යි. ඖෂධ මිල අඩු කළ අවස්ථාවේ දී සේනක බිබිලේ මහතාගේ බිරිද ප්‍රකාශ කළා මහාචාර්ය සේනක බිබිලේ මහතා අද යළි ඉපදුනා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව තරම් සුදුසු රටක් නැහැ කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ. ජනතාව වෙනුවෙන් ගත් තීන්දු තීරණ මම අකුරට ක්‍රියාත්මක කරනවා. එම නිසා මා සමග දුම්කොළ, ඖෂධ සමාගම් තරහයි. ස්ටෙන්ස් සහ අක්ෂි ගෙන්වන සමාගමුත් තරහයි.

මම පෙබරවාරි 04 වනදා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරනවා. පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදෙනවා. අද දින මට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙක් කථා කළා. එම රෝගියා රෝහලට ඇතුලත් කර ඇත්තේ හෘද සැත්කමක් සදහායි. එම පෞද්ගලික රෝහල රෝගියාට පළමුව ප්‍රකාශ කර තිබෙනවා හෘද සැත්කම සදහා රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය වෙනවා කියලා. සැක්කම සිදු කළ පසු රුපියල් ලක්ෂ 12 ක් ඉල්ලා තිබෙනවා. නමුත් රෝගය සුව නොවීම නිසා එම රෝගියා තවමත් ඉන්නේ රෝහලේ. මේ වන විට බිල රුපියල් ලක්ෂ 18 ක් වෙලා. මේ නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. එම නිසයි පෞද්ගලික රෝහල් නියාමනය කළ යුත්තේ.”

මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෂ්ඨිකාර් ජමිල්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම, කලුතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

275 views

4 Comments to “බයිපාස් සැත්කම කරන්න පෙර ලක්‍ෂ හතයි.. කලාම ලක්‍ෂ 12යි.. අන්තිම බිල ලක්‍ෂ 18යි.. පෞද්ගලික රෝහලක ජාවාරමක්”

  1. kamalasirikuruwita says:

    කට නම් ඉතින් කියල වැඩක් නැහැ එත් මේ මනුස්සය විතරයි මොනව හරි වැඩක් කරන්නේ. මෙතන නෙවෙයි මෙයා ඉන්න තියෙන්නේ මහින්ද ලඟයි. යටි කුට්ටු රහස් කුමන්ත්‍රණ කතන්දර නිසා ලංකර ගන්න එකත් භයානකයි. ෂඃ එහෙම නොවුනානම් !

    • "මෝචරිය" says:

      දොස්තර වෙලත් මට අපේ එවුන් විස්වාස නැත
      එනිස සිංගප්පූරු ගොස් මගෙ හද පලා සදා ඇත
      හැකර කටැති ඇමතිය හොරකමට බුරුල දීල හිත
      මොවුන් නිසා අද ඉස්පිරිතාලත් ලෙඩ්ඩු වෙලා ඇත

  2. Sri lankan says:

    Mama last week asiri eke specialist kenek gawa innakota call ekak awa ward eken.. doctor kiyanawa agent gen direct aran hari pharmacy thru hari ganna puluwanda ahanna kiyala.. e injection eka 100000k wenawalu.. asiri eke 300% k charge karanawalu.. panadol peththata 300% k charge karanawa wage neme neda kiyala ehuwa.. doctor e athin minissu gena tikak hithanawa..

  3. Lara says:

    ඔය දේවල් දැක දැක අහවල් එකටද හැම එකම පෞද්ගලික කරන්නෙ? වයිද්ය අධ්යාපනය පෞද්ගලික කරාම ඔය දේ නොවෙයිද?

Main News