බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…

February 17, 2018 at 9:20 am | lanka C news
බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…

එක්සත් ජනතා නිදහස් සන්දානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර වන ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ලිඛිතව දැනුම් දීමට එම සන්ධානය කටයුතු කරමින් සිටී.

ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති නිසා වත්මන් ආණ්ඩුව හෝ අගමැතිවරයා ධුරයන් දැරීම නීති විරෝදී බව නීතිවේදීන් විසින් පෙන්වා දීම නිසා මෙම තීරණය ගැනෙනු ඇති බවට වාර්තා වෙයි.

ජාතික ආණ්ඩු ගිවිසුම තවත් දීර්ඝ කිරීම හෝ වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම යන විසදුම් දෙකෙන් එකක් ක‍්‍රියාත්මක කරවීමට සිදුවන්නේ යයි නීතිවේදීන් විසින් මේ වන විටත් ජනාධිපතිවරයාගේ පාර්ශවයට පෙන්වා දී ඇත.

මේ තත්වය මත අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ස්වභාවිකවම අහෝසි වනු ඇති අතර ඩන් පසු එක්සත් ජනතා නිදහස් සන්දාන නව රජයක් බිහි කිරීමට කටයුතු සිදුවනු ඇත.

මේ වන විටත් ඒකාබද්ද පක්‍ෂය හා සන්ධානය ඒ සම්බන්දයෙන් කටයුතු කරමින් සිටී.

145 views

29 Comments to “බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…”

  1. hemal says:

    නුබ උඩ පැන්නා වැඩියි…

    • Nalaka says:

      විල්පත්තුව කැලේ කපපු අන්තවාදීන් සමග ඒකාබ්ඩ්ඩය ඩීල් දායි. අපරාදෙ සිංහල බෞද්ධ චන්ද?

      • ගම් බයියා says:

        මහින්ද සමග විල්පත්තුව කැපීම නව වටයකින්. මුන්ට රට නෙවේ බලය පමණි.

    • nalin says:

      රනිල් එලවා නමුත් රනිල්ගෙ ප්‍රතිපත්ති එළවන්න එපා….ඒවා වෙන ආදෙක්ගේ කරේ තියාගෙන යමු…..

    • Roshan says:

      බය්යො ගිය උඩ

  2. බන්ඩා says:

    කෝ! කෝ! කෝ! බය නැති අගමැටිගෙ අර පෝස්ටර් කැම්පේන් එක කෝ? කෝ මේ රතු අලි පැටියා! බැඳුන්කර මුදල් ඔිනෑ තරම් තිබේ. වර වර වහාම වර වර රතු අලි පැටියා.

    • Asaranaya says:

      හොරකමට බය නැති අගමැටිට පඹයා තවමත් බය ඇති,
      එලවන්නට බැරිව තවමත් මූව වලිකන ව ඇති,
      දෙන්න අනේ කොන්ත්‍රාත්තුව පාතාලෙට,
      ඉක්මනට මූ යනවා අවීචියට

    • බූරුව says:

      භය නැත්තේ සොරකමට පමණය.

  3. ExUNPer says:

    OK. then our priority should be
    a.integrating all communities creating peaceful social atmosphere
    b. building the country
    Never think of taking revenge from anyone, instead build strength around !!!

    • Walihari says:

      I am not a UNPer but I respect your comments. Clearly being revengeful must be stopped now from all sides. Laws must be enforced and recover losses. Let Judiciary look after punishments.
      Keep country first. Maintain law and order.

  4. දේශාභිමානී දේශ හිතෛශියා says:

    බල තන්හාව, බල පෙරේතකම, බල ලෝබියා මේ වචන චන්ද්රිකාගෙ වචන මේ හැම වචනෙකටම ගැළපෙන කෙනා තමයි වත්මන් අගමැති 30 වතාවක් පැරදිලත් තාම තමන් පැරදුන බවත් ජනතාව තමන් ප්රතික්ෂේප කරපු බවත් පිළි නොගන්න මිනිහෙක්……….. මිනිස්සු 2015 ජනවාරි 8 චන්දෙ දුන්නෙ රනිල්ට නෙවෙයි මෛයිත්රීපාලට……….. එදා මෛයිත්රීපාලට චන්තදෙ දුන්කොනෙ යූ එන්ට පී කාරයො විතරක් නෙවෙයි……. මේ චන්දෙත් එක්ක බලද්දි කවුරැහරි කියනවනම් 2015 ජනවාරි 8 ගත්ත තීරණේ ක්රියාත්මක විය යුතුයි කියලා ඒකෙ තේරැම මෛත්රීගෙ තීරණේ තමයි මිනිස්සු අනුමත කරන්නෙ…….. මොකද එදා මිනිස්සු චන්දය දීලා බලයට ගෙනාවෙ පොදු අපේක්ෂකයා වෙච්චි මෛත්රී මිසක් රනිල් නෙවෙයි………. දැන් මේ වෙලාවෙ මෛත්රී ගන්න තීරණය ඒයාලාගෙ ලොජික් එකට අනුව ලක්ෂ 62 අනුමත කරපු තීරණය………… මොකද එදා ජන වරම ලැබුණෙ පොදු අපේක්ෂක මෛත්රීට…….. ඒ නිසා ගොබ්බ යූ එන් පී කාරයො සද්දෙ වහන් පැත්තකට වෙලා ඉන්නවා මෛත්රීපාල ගන්න තීරණය තමයි ලක්ෂ 62 ‌තීරණය…………

  5. Niyamai……thank goodness…….send this sakkili Yamapalanaya HOME sooooooooooooon!

  6. don katugampala says:

    SIRISENA EYAGE “VALA ” EYA VISINMA KAPAGANIMIN SITI. HU……:::GH:

  7. Gemunu says:

    1. හෙජින් ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රු. කෝටි 4000කට වැඩිය. පත් කරපු කොමිසමක් හෝ අහපු නඩුවක් නැත.
    2. ග්‍රීක බැඳුම්කරවල සිදුකරන ලද ආයෝජනයෙන් සිදු වූ පාඩුව රු. කෝටි 1500/=කට වැඩියි. පත් කරපු කොමිසමක් හෝ අහපු නඩුවක් නැත.
    3. මහබැංකු බැඳුම්කර පාඩුවට අදාලව වැරදි කරුවන් නීතිය ඉදිරියට පමුනුවා ඇත. ආයෝජනය කරන ලද මුදල් මෙිවන විටත් රජය සතුව පවතී. එබැවින් අවම වශයෙන් පාඩුව හෝ පියවා ගතහැකිවනු ඇත.
    4. ඇති තරම් රජය විවේචනය කලත් මාධ්‍ය ආයතන ගිනි තැබුවේ හෝ මාධ්‍ය වේදීන් මැරුවේ හෝ අතුරුදහන් වූයේ නැත.
    5. සයිටම් වැනි කිසිඳු වැදගැම්මකට නැති ගැටලු මුල් කරගෙන කොතරම් උද්ගෝශණ කලත් රතුපස්වලදී හෝ කටුනායකදී ලෙස කිසිවෙකු වෙඩි තබා මැරුවේ නැත.
    6. මහානායක හිමිවරුන්ගේ විරෝධය මැද දළදා මාළිගය වටා කාර් රේස් තැබුවේද නැත.
    7. තාජුඩීන් වැනි වටිනා ක්‍රීඩකයින් අකාලයේ බේබිලා, ආර්යාවලා අතින් මැරුම් කෑවේද නැත.
    8. විනිසුරු වරුන් හට තමන්ගේ තීනදු ලබා දීමේදී අරලියගහ මන්ධිරයෙන් නියේාග ලැබෙන තෙක් බලාසිටීමට සිදුවූයේද නැත.
    9. චීනයට සින්නක්කර විකුනා තිබූ පොර්ට්සිටිය නැවත රජයට පවරා ගන්නා ලදී.
    10. රටට බරක් වී තිබූ හම්බනතොට වරාය 99 අවරුදු බද්දකට චීන සමාගමකට ලබා දී රටට සහනයක් ලබා දෙන ලදී.
    රටේ අවාසනාවට වැඩි දෙනෙකුට මේවා ත්රෙන්නේද නැත.

    • ගන්ජ බන්ඩා says:

      චන්දෙ දමල රනිල් හොරා පරද්දපු මිනිස්සුන්ට අපහාස කොරන්න එපා පකෝ.

    • Dasun says:

      Obage adahas niwaradiya.
      Ape rata hadanna bari ape bahuthara ratawasiyange duradiga nobalana adahas nisaya.

    • Kumara says:

      Best Comment ever. Sri Lankan Slaves don’t understand these things because slave are slaves and they don’t want to get out of that mentality. We only have a proud history of 2500 years, no present, no future.

    • Aurora says:

      හෙජින් සහ ග්‍රීක් බැඳුම්කර යන දෙකම ශ්‍රී ලංකා මහබැංකුව මහින්ද මැතිතුමාගේ කාලයේ සිදුකල පාඩු ලැබූ ආයෝජන දෙකකි.මේ දෙකින්ම සිදුවූ පාඩුව රුපියල් කොටි 5500 කි. එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව මහින්ද මැතිතුමාගේ කාලයේ සිදුකල ලාබ ලැබූ ආයෝජන වල එකතුව රුපියල් කොටි 45000 කි. ඒ අනුව සුද්ධ ලාභය ගණනය කරගන්න. එමනිසා අමුලික බොරුවලටත් වඩා විශාල අර්ධ සත්‍ය විශාල බොරු බව අවබෝධකර ගන්න.

      හම්බන්තොට වරාය රටට බරක් ලෙස සැලකිය හැක්කේ ජාති ද්‍රෝහියකුට, දේශපාලන කුහකයකුට, පට්ට මෝඩයකුට, හෝ මන්ද බුධිකයකුට පමණි.

    • බයියා says:

      කවුද බන් මේ බොරු ලියන ගොනා. දන්න මගුලක් දන්න භබාෂාවෙන් ලියහන් බන්. නොදන්න දෙවල් ලියලා චාටර් වෙන්නේ නැතුව. ඔය එකක් පුලවන් නම් ඔප්පු කරලා පෙන්න්න. යහපාලනය කොහොමත් හොරු. නිකන් බොරුවට මහින්දට බැන බැන ඉන්නේ නැතුව ඔවා එළි කරපන්කො කොන්ද පන තියෙනවානම් කටින් බොරු කියන්නේ නැතුව. දන්නේ නැති දෙවල් කියන්න එපා යකෝ. උබලගෙ තියෙන්නේ පලිගැනීමයි ඊර්ෂියාවයි විතරයි දන්න මගුලක් නෑ. පචයෝ රැල.

    • vishnu says:

      මෝඩ ගැමුණු, කාර් රේස් ගියේ දළදා මාලිගාව වටේද බොල
      ඒක කරේ දළදා මාලිගාවෙන් පිට පාරේ තොපි නොදන්නව උනාට
      1970 කාලෙදිත් ඔතන කර රේස් තිබුන දන්නැත්නම් උඹලගේ
      අම්මල තාත්තලගෙන් අහගනින්, උඹ වගේ මෝඩයන්ට ඔය දළදා මාලිගාව
      වටේ තියෙන මුස්ලිම් පල්ලි අමන වැඩ සිද්දවෙන හෝටල් පෙන්නේ නැද්ද
      ගැමුණු තව එකක් දන ගනින් ඔය රේස් එක කලේ මෝටර් රථ ධාවන
      සංගමයක්. රෝහිතල කලේ අනුග්‍රහදැක්වීම විතරයි. උඹ ඔය කියන
      මහා නායකල මහා බැංකු හොරකම ගැන මොනවද කියල තියෙන්නෙ
      මේ ජඩ පාලනය ගැන මොනවද කියල තියෙන්නෙ. ඔය උඹ කියන රේස්
      එක unp ඒකෙන් තිබබ නම් ඔය මහනායක හාමුදුරුවොත් ඇවිත්
      රේස් බලයි. වේ උත්තර දුන්නෙ උඹ ලියපු ඒවායින් එකකට විතරයි

    • Ruggerrite Joba says:

      Thajudeen marune AIDS hadila vunu sith thavulen padagena pamini vahanaya bithtiyaka happagena siya divi hani kara ganeemen.

      Ruggerrite

    • Attoney at Law says:

      මේ හි ඇති නීතිමය ගැටළුව වනුවේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි. අගමැති පැවතුනත් ගිවිසුම අලුත් නොකොට කැබිනට්ටුවක් පවත්වාගැනීම නිතියානුකුල නොවන තත්ත්වයකට පත්වීමයි.

      අගමැතිවරයා ඉවත් නොවීම තුළ ගිවිසුම අලුත් නොවන්නේනම් කැබිනට්ටුව රැස්වීම සිදු විය නොහැකි නිසා රජයක් ලෙස කටයුතු කළ නොහැකි නිසා නිරායාසයෙන්ම වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම හෝ ඉතාම කෙටිකලක් තුළ මහමැතිවරණයකට යාමට නිතැතින්ම සිදුවේ .

      මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද යන්නයි.

  8. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ගැමුණු යන නමින් ඉන්නා කුලී ලියන්නාගේ අවධානය සදහා …..
    01. උඹේ ආණ්ඩුවෙන් හාමුදුරැවරැ 48 ක් හිර කළා
    02. බුදුන්ට පූජා කළ දේශය වන ලංකාවෙ පිරිත් දේශනා කළැයි හාමුදුරැවන්ට නඩු දැම්මා මුස්ලිම් අදෝනා මඩු
    වලට නීති නෑ.
    03. මේ රටේ ප්රධාන ආගම බුද්ධාගම සුලු පක්ෂ වල ඕනකමට ඒක නැති කරන්න ව්‍යවස්ථා ගේන්න හැදුවා උබලගෙ
    ආණ්ඩුව බහුතර චන්ද වරමක් උබලට නෑ ඒ කාර්යය සදහා….
    04. හමුදාවෙ කොල්ලො විශාල පිරිසක් හිරේට දැම්මා තාමත් හිරේ හේතුව එල් ටී ටී ඊ කොටි ඝාතනය කළා කියලා
    උන් ඝාතනය නොකළ නම් උඹ දැන් එලොව පොල් ගැන ගැන ඇති ඒ හමුදාවෙ කොල්ලන්ට කරපු අසාධාරණය
    උඹට පෙනුනෙ නෑ.
    05. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණෙදි ජනතාව වරමක් දුන්නෙ නෑ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඒක ඕන වුනේ දෙමළ
    සන්ධානය ඇතුලු සුලු පක්ෂ වලට ඒ පක්ෂ වල අරමුණු ඉටු කරන්න කියලා වරමක් දුන්නෙ නෑ මේ රටේ බහුතර
    ජනතාවඋබලගෙ ආන්ඩුව බහුතරය නොඉල්ලපු දේ කරන්න ගියා සුලු පක්ෂ වල ඉල්ලීමට.
    06. බැදුම්කර හොරකමට සම්බන්ධ ප්රධාන චූදිතය වර්තමාන අගමැති කෝ එයාට දඩුනම් තියා ධූරයෙන් නෙරපීමක්
    වත් කළාද
    07. උබලාගෙ චන්ද පොරොන්දු ඉටු කළාද
    ‌ i බැංකු වල තබා ඇති රත්තරං බඩු වලට අය කරන පොළිය කපා හැරීම
    ii රාජ්‍ය සේවකයන්ට පසුගිය රජයෙන් දුන් රැ 50000 කට දුන් යතුරැ පැදි වල එම රැ50000 මුදල නැවත ඔවුන්ට
    ලබා දීම
    iii රැකියා ලක්ෂ 10 ක් දීම ලක්ෂ දහයක් තියා 1000 ක් වත් දුන් නෑ
    iv වොක්ස්වැගන් කර්මාන්තශාලාව අරඹා වසර 2 කින් විවෘත කිරීම
    v නොමිලේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි වයි පයි පහසුකම ලබා දීම
    vi නොතෙමී යන්න හැමෝටම කාර් එකක් ගැනීමට කුඩා කාර් මිළ අඩු කිරීම – කාර් මිළ බලන්න මාකට් එකේ
    රවුමක් ගහපන්
    vii ලංකාවෙ කුඩු පිරැණා කියලා චෝදනා කරල ලංකාව කුඩු වලින් තො කරනවා කියලා බලයට ආවෙ
    කන්ටේනර් පිටින් හම්බ වුණේ රජයට අයත් සතොසෙන්
    viii පොල් බෑය පෙන්න පෙන්න බඩු මිළ අඩු කරනවා කියලා බලයට ආවෙ අද වෙනකොට පොල් ගෙඩිය රැ 130
    යි ලස්සනට අඩු කළා බඩු මිළ
    ලියනවනම් උබලගෙ කෙරැවාවල් ලියන්න පුලුවන් පොතක් උඹලට මේ මැතිවරණෙදු චන්දෙ දුන්න ලක්ෂ 32 ගැනත් කියන්න තියෙන්නෙ උන් තරම් විචාර බුද්බධියක්ත් නැති බත් කන මී හරක් රෑනක් තවත් නැතුව ඇති…..

    • Toyya says:

      කවුද හාමුදුරුවෝ හිරේ දැම්මෙ උන් සිවුරු පොරවාගෙන බුද්ධාගම ඇපේට තියල මරාට කඩේ යන හොරුනෙ යකෝ… දැන් ඉතින් මට බැනපිය කොහොමත් ඇත්ත තිත්තයිනෙ

  9. M de silva says:

    Who is this idiot Gemunu?
    Must be a paid servant of Ranil.

  10. Open mind says:

    දකුණේ එකෙක් ඊළඟ නායකයා ලෙස බවුතීස්ම කළා වගේ මතකයි. ඔහු සනීපෙන් ද ?

Main News