‘බය නැති අගමැති’ නාට්‍යයේ දෙවැනි කොටස එයි..

January 18, 2018 at 1:20 pm | lanka C news
‘බය නැති අගමැති’ නාට්‍යයේ දෙවැනි කොටස එයි..

‘මේක ෆෝ ඉන් වන එකක්.එක කතිරයෙන් වැඩ හතරක් වෙනවා.ගමේ මන්ත්‍රී දිනනවා.ගමේ සභාව දිනනවා.ආණ්ඩුව පෙරලනවා.මහින්ද මහත්තය අගමැති කරවනවා.මේක කතිර පුජාවක්.මෙහෙම කතිර පින්කමක් අපේ ජීවිත කාලේ හම්බ වෙලා නැහැ.මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍යයි කියල හිතෙනවනම් පොහොට්ටුවට පෙබරවාරි 10 වෙනිදා චන්දෙ දෙන්න’ ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණය ඉල්ලක්ක කරමින් මොරවක අලපලාදෙණිය ප්‍රදේශයේ පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ රැලියකදී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා,

‘මෙතන ඉන්න අය  විතරක් නෙමේ ජනවාරි 8 වෙනිදා රටේ ඇත්තටම  හංසයාට කතිරේ ගැහුවේ අවංකවම වෙනසක් කරන්න.අපේ ආණ්ඩුවේ අඩුපාඩුකම් තිබුනා.අපේ ආණ්ඩුවේ කැබිනට් එකේ මදාවියෝ එක්කෙනෙක් දෙන්නෙක් හිටියා .මතකනේ කැලණියේ දුටු ගැමුණු එහෙම.ඒ වගේ විකාර තිබුනා.ඒ නිසා මිනිස්සුන්ට හිතුන අපිට පොඩි දඩුවමක් දෙන්න.මහින්ද මහත්තයා එක්ක තරහට නෙමෙයි.ගැහුවා හංසයාට කතිරේ රටට වෙනසක් ගේන්න.ශිලාචාර පාලනයක්.නියම වෙලාවට මැතිවරණ තියන්න.රැකියා දසලක්ෂයක් තරුණ තරුණියට දෙන්න.නීතිය ක්‍රියාත්මක කරන්න.හොරකම් නකර ඉන්න.මයිත්‍රී රනිල් මේක කරාවි කියලා විශ්වාසයක් තමුන්නාන්සේලාට තිබුණා.ගැහුවා කතිරේ.දැන් මොකක්ද වෙලා තියෙන්නේ?.පපුව අඩනවා.රැකියා දසලක්ෂයත් නෑ.දුන් පොරොන්දු ඉටු කලෙත් නෑ.

සිල්ලරට තිබුණු හොරකම මේ අය තොග ගන්නේ කරන්න පටන් අරන්.මහා බැංකු වංචාව එතෙක් මෙතෙක් රටක ආණ්ඩුවක් කරපු ලොකුම වංචාව.මෙතෙක් කල් කිව්වනේ චෝදනාවක් විතරයි ඔප්පු වෙලා නෑ කියලා.මයිත්‍රී ජනාධිපතිතුමාම විශේෂ ප්‍රකාශයක් කරලා බැදුම්කර වංචාවේ අලාභය බිළියන එකොළහයි කියනවා.ඒ පලවෙනි වංචාව.වංචාවන් දෙකක් සිද්ද වුණා.මේකට රටේ අගමැතිවරයා සහ රවී කරුණානායක වග කියන්න ඕන.අර්ජුන මහේන්ද්‍රන් ගෙන් අයකරගන්න ඕන.දැන් රාජ්‍ය නායකයම කියනවා.මේක තවදුරටත් චෝදනාවක් නෙමේ.

ඒ නිසා තමුන්නාන්සේලාගේ අපේක්ෂාව බංග වෙලා තියෙනවනම් හංසයාට කතිරේ ගහලා වැඩේ වැරදුනා.වෙනස මාරයි..රට හමාරයි.. කියල දැනෙනවානම් ඒ වැරැද්ද හදාගන්න දවසක් තියෙනවා.දුක් වෙන්න එපා හංසයාට කතිරේ ගැහුවා කියලා.වෙන් කරන්න එපා.පැත්තකින් තියන්න එපා.කැන්වසින් යනකොට ඒ හැම කෙනාම එකතුකරගන්න.හැම කෙනාටම පපුවේ වේදනාවක් තියෙනවා.මගේ කතිරයෙන් රටට විනාසයක් වුන කියලා.ඒ අය මේකේ හවුල් කරුවෙක් කරගන්න.

අගෝස්තු 17 වෙනිදා මහා මැතිවරණයක් තිබුණා.තමුන්නාන්සේලා හිතුවා රනිල් වික්‍රමසිංහ මහත්තයට කතිරේ ගහන්න.රනිල් මහත්තයා ආවොත් ආර්ථිකය හදනවා.හොරකම නැති වෙනවා.පවුල්වාදය නෑ.පිරිසිදු පාලනයක්.මැතිවරණ කල් දාන්නේ නෑ.වෙලාවට මැතිවරණ තියනවා.ගැහුවා ඒ නිසා අලියට කතිරේ.දැන් මොකද වෙලා තියෙන්නේ?..මැතිවරණ කල් දානවා.2015 මැයි 3 තිබුණු මේ මැතිවරණය කල් දැම්මා.අත අඹරලා තමයි ආණ්ඩුවෙන් මේ මැතිවරණය ගත්තේ.පළාත් සභා මැතිවරණය කල් දැම්මා.දැන් පපුව අඬනවා නියම වෙලාවට මැතිවරණ නෑ කියලා.මේ පුංචි ඇඟිල්ල දම් පාට කරගන්න බැරිව අවුරුදු දෙක හමාරක් බලාගෙන හිටියා.මහින්ද මහත්තයාගේ කාලේ හැම අවුරුද්දෙම ඇඟිල්ල පාට කරගන්නවා.දැන් පපුවට දැනෙනවා අපි රැවටුනා කියලා.මැතිවරණ සිතියම අකුලලා තියෙනවා මේ ආණ්ඩුව.ආණ්ඩුව වෙනසක් කරන්න දිනයක් ඇවිල්ලා තියෙනවා.ඒ පෙබරවාරි 10 වෙනිදා.

තරුණයෝ හිතුව රස්සාවල් හම්බවෙයි කියලා.ලක්ෂ 10 කියන්නේ පොඩි කෙලියක්ද?..දැන් හම්බවෙලා තියෙනවා නේද?..අලියට කතිරේ ගහලා රනිල් අගමැතිකරලා ෆ්‍රී වයිෆයි ලැබෙයි කියලා තරුණයෝ හරි ආසාවෙන් බලාගෙන හිටියේ.මේ සියල්ල බොඳ වෙච්ච වෙලාවක තමුන්නාන්සේලා රවටිල්ලකට අහුවුණා.අපිව රැවට්ටුවා.රටත් විනාසයි.

කොටි ගොරවනවා ඇහෙනවා.කැළෑ විල්පත්තුව ඉවරයි.බදියුදීන් කපාගෙන කපාගෙන යනවා.අඩුම ගානේ දල ඇතෙක් නෑ.ඔක්කොම මරණවා.උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට මහින්ද මහත්තයා දුන්නා අලි පැටියෙක් කරඬුව වඩම්මාගෙන යන්න.අලි පැටියෙකු හැදුවා කියලා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ ලුණුයි බතුයි වැළඳුවා වැලිකඩ හිර ගෙදර.මේ රටේ දළ ඇතෙක්ට ගල් ගමුවේ හිටියා දළ පුට්ටුවා.මරාගෙන කෑවා.විල්පත්තුවේ කතිර දළයා.මරාගෙන කෑවා.කවුද ආණ්ඩුවේ දේශපාලකයෝ.හැබැයි නඩු නෑ.උසාවි නෑ.පොලිසි නෑ.රෑ 10ට උසාවි විවුර්ත කරගෙන නඩු දැම්මා කොඩි කණු 8 අවභාවිත කළා කියලා.හැබැයි දළ ඇත්තු ටික මරනවා නඩු නෑ උසාවි නෑ පොලිසි නෑ.

හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට දඬුවමක් දෙන්න ඕන කියලා.තමන්ගේ කතිරෙන් කරගත්තේ වැරද්දක් කියලා හිතෙන්නේ නැද්ද.හිතෙනවනම් පෙබරවාරි 10 වෙනිදා පොහොට්ටුවට කතිරේ ගහන්න.මුළු රටම වෙනස් කරලා මහින්ද මහත්තයා ආයේ ගේනවා.

මේ කොට්ටාසයේ ඉන්නවා මහින්ද මහත්තයගෙන් ඇමතිකම් අරගෙන මහින්ද මහත්තයට කොකා පෙන්නපු උදවිය.අද කියනවා ආපහු එකතු වෙනවා.ඒ හින්දා අපේ අයට චන්දෙ දෙන්න කියලා.අපියි ආණ්ඩු කරන්නේ කියලා.මේ අය ගිහින් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජාතික ආණ්ඩු හදාවි.එදා අපි කිව්වා ජාතික ආණ්ඩුවට එක්වෙන කිසි කෙනෙකුට චන්දේ දෙන්න එපා කියලා.තමුනන්සේලා ඔවුන් ප්‍රතික්ෂේප කළා මුළු ලංකාවේම.අදත් අපි කියන්නේ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ ජාතික ආණ්ඩුවක් හදන්න කණ්ඩායමක් ඉන්නවා.බොරුවට රණ්ඩු වෙන්නේ.මේ බොරු නාට්‍යක් අපි දකින්නේ.අතනදී රණ්ඩු වුනා.මෙතැනදී රණ්ඩු වුනා.කැබිනට් එක දැන් බෙදෙන්න යනවා.හොරු සමග හෙළුවෙන් වගේ හොඳ නාට්‍යක් මේ යන්නේ.

භය නැති අගමැති කියලා නාට්‍යක ආවා මතකද?..භය නැති අගමැති නාට්‍යයේ ඊලග කොටස තමයි මේ දකින්නේ.රැවටෙන්න එපා.ගිය මහා මැතිවරණයේදී මේ බොරුව කළා.කරලා ගිහින් 42 ආණ්ඩුවට එකතු වුනා.රැවටෙන්න එපා.මේ බොරුව අඳුනගන්න.තේරුම්ගන්න තේරුම් අරන් පෙබරවාරි 10 වෙනිදා එක කතිරෙන් රටේ විප්ලවීය වෙනස්කම් හතරක් කරන්න’ යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංකර ගමගේ

6 views

2 Comments to “‘බය නැති අගමැති’ නාට්‍යයේ දෙවැනි කොටස එයි..”

  1. Open mind says:

    අපේ ආණ්ඩුවේ හිටියෙ එක් කෙනෙක් දෙන්නෙක් යන්න විහිළුවක්. එහෙම නොවූ අය නම් එක්කෙනෙක් දෙන්නෙක්

Main News