බය නැති අගමැති යයි බොරුවට පෝස්ටර් නොගසා බය නැත්නම් මැතිවරණය කැදවනු..

November 24, 2017 at 12:00 pm | lanka C news
බය නැති අගමැති යයි බොරුවට පෝස්ටර් නොගසා බය නැත්නම් මැතිවරණය කැදවනු..

බය නැති අගමැති යයි රට පුරා බොරැවට පෝස්ටර් නොගසා බය නැත්නම් චන්ද තියන්නයි ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

මේ බව සදහන් කරමින් ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බය නැත්නම් චන්ද තියන්නයි අප ආණ්ඩුවට අභියෝග කරනවා.

බය නැති අගමැති යැයි රට පුරා පෝස්ටර් ඇලෙව්වාට ආණ්ඩුව ජනතාවට කොතරම් බයදැයි පළාත් පාලන චන්දය කල්දමාගනීමට කරන උප්පරවැට්ටි දකින විට ඉතා පැහැදිලිය.මේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට දහසක් පොරොන්දු දෙමිනි.එලෙස පැමිණි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරමින් සිටිනවා විනා එහි චිරස්ථිතිය සඳහා කර ඇත්තේ කුමක්ද?පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති අයෙකු අගමැති ධූරයට පත්කරමින් ආරම්භ කළ මේ දූෂණ ක්‍රියාව දැන් එහි උපරිම අවස්ථාවට පැමිණ තිබේ.ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම තරම් තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් නැත.ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන්නේ ඒ හරහා බැවිනි.ප්‍රජාතන්ත්‍රවාදයේ කෙළවර යනු එකාධිපතිත්වයේ ,ආරම්භයයි.

ආණ්ඩුව මාධ්‍ය හමුවේ කුමන වහසි බස් දෙඩුවද අද ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී හමාරය.ඇත්ත වශයෙම්න්ම ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන්නට පටන් ගත්තේ 2015 ජනවාරි 09 දාය.මේ රටේ බහුතරය එදා සිට සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඊකාබද්ධ විපක්ෂය සමගය.ආණ්ඩුවා නොයෙකුත් හේතු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමමින් සිටින්නේ ඊට මුහුණ දීගත නොහැකිවය.මෙහිදීද ආණ්ඩුව කරමින් සිටින්නේ තම බලය හා වරප්ප්‍රසාද  රැක ගැනීම සඳහා පොඩි මිනුසුන් කඩේ යැවීමය.යම් හෙයකින් ඡන්ඳය පවත් වුවහොත් ඉන් ලබන පරාජය තම තමන්ගේ තනතුරු ,වරප්ප්‍රසාද හා සැප සම්පත් අහිමි කිරීමේ පළමු පියවර වන බව ආණ්ඩුවේ නායක කාරකාදීහු ඉතා හොඳින් අවබෝද කරගන ඇත.එනිසා ඔවුන් පුංචි මිනිහාට ජනතා නායකයන් වීම මෙන්ම ඔවුන් තෝරා යැවීමට ජනතාවට ඇති අයිතිය බර පතල ලෙස උල්ලංගනය කරමින් සිටී.

මෙහි ඇති ලොකුමබොරුව වන්නේ ඡන්ද කල් දැමීමට සියලු දෙනා විරුද්ධ බව පෙන්වීමය.චාන්ද කල් දැමීමට මුලදී එළිපිට ආණ්ඩුව සමග සිට ගත් ජනතා විමුක්ති පෙරමුණ ද දැන් චන්ද කල් දැමීමට විරුද්ධය.එජාපය හා ශ්‍රිලනිපයද එකිනෙකා හා චෝදනා එල්ල කර ගනිති.දන්වන විට ආණ්ඩුව පෙන්වීමට උත්සාහ කරම්න් සිටින්නේ චන්ද කල් යන්නේ අධිකරණය නිසා බවය.එහෙත් ජනතාවට බොරු කිරීමට ආණ්ඩුවට  නොහැකිය.

ලොව කුප්‍රකට ඒකාධිපතියෙකු වූ හිට්ලර් ද බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයකිනි.මේ ආණ්ඩුවද දැන් යමින් සිටින්නේ එවැනි ගමනකදයි අපට සාධාරණ සැකයක් තිබේ.මන්ද යත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලන්ගනය කරමින් සිටින්නේ පරජාතන්ත්‍රවාදයේම අංග ලක්ෂණ උපයෝගීකර ගනිමින් බැවිනි..පළාත් පාලන චන්ද විමසීම තබා ගත නොහැකි ආණ්ඩුව පළාත් සභා හෝ මහා මැතිවරණ පවත්වනු ඇතයි අපට කිසිදු විස්වාශයක් නොමැත.එය එසේ නොවන්නේනම් අප ආණ්ඩුවට අභියෝග කර සිටින්නේ නීතියට හෝ වෙනත් කරුණුවලට  මුවා නොවී හැකිනම් පලාත්පාලන චන්දය පවත්වන ලෙසය.කෙසේවෙටත් මෙලෙස දිගින් දිගටම ජනතාවගේ චන්ද අයිතිය උදුරා ගැනීමට එකාබද්ධ විපක්ෂයේ අප ඉඩ නොතබන බව අවධාරණය කර සිටින අතර ජනතාවට මතක් කර සිටින්නේ ඔබේ අයිතිය වෙනුවෙන් මේ දූෂිත ආණ්ඩුව පලවා හැරීමට පෙළ ගැසෙන ලෙසය.

ප්‍රසන්න රණතුංග
කැදවුම්කරු
ඒකාබද්ධ විපක්ෂය

143 views

4 Comments to “බය නැති අගමැති යයි බොරුවට පෝස්ටර් නොගසා බය නැත්නම් මැතිවරණය කැදවනු..”

  1. asaranaya says:

    බය නැත්නැම් ඇයි කෝවිල් වෙත යන්නේ,
    අපි බය නැහැ ඒකයි තොට දෙස් දෙන්නේ,
    වඳයගේ ගේම පඹයත් සැට් කරදෙන්නේ,
    චන්දය තියා බලපිය මොනවද වෙන්නේ.

  2. prageeth says:

    හොර කමට බය නැති
    තිරුපතිට බය ඇති
    ජාතියට කෙළ වති
    ළමයි නැති මැති

  3. Kamal says:

    අගමැති බය නැති වුනාට ජනපති බයයි.

  4. පුර වැසියා says:

    හුඟක් පෝස්ටර වල ” බය ” වචනය උඩ තාර ගාලා

Main News