බරඅවි උණ්ඩ තොගයක් හමුවෙයි…

August 21, 2020 at 2:31 am | lanka C news
බරඅවි උණ්ඩ තොගයක් හමුවෙයි…

යාපනය පලාලි මයිලිට්ටි ප්‍රදේශයේදී ගෙවත්තක් එලිපෙහෙලි කරන අවස්ථාවේදී වලදමා තිබූ බර අවි පතුරම් 400 කට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති බවට පලාලි පොලීසිය පවසයි.

මයිලිට්ටි උතුර ප්‍රදේශයේ නැවත පදිංචි වැසියෙකු විසින් සිටය ගෙවත්තේ ඉදිකිරීඹක් සඳහා පොළව හාරමින් සිටි අවස්ථාවේදී වලදමා තිබූ අදාල බරඅවි පතුරම් තොගය හමු වී ඇති අතර පසුව නිවැසියා විසින් ඒ පිළිබඳව පලාලි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි පලාලි පොලීසිය විසින් අදාල ස්ථානයේ කැනීම් කොට වලදමා තිබූ එල්.එම්.ජී. වර්ගයේ පතුරම් 400 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධාන සාමාජිකයින් විසින් එම පතුරම් තොගය වලදමා පලායන්නට ඇති බවට සැක පලකර සිටින අතර හමු වූ උන්ඩ තොගය අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇති නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද පලාලි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,848 views
Main News