බලංගොඩ බලය පෙරලේ..

January 29, 2022 at 8:02 am | lanka C news
බලංගොඩ බලය පෙරලේ..

බලන්ගොඩ නගරසභවෙිි නව සභාපතිවරයා ලෙස (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) වසන්ත ගුණරතත මහතා තේරි පත් විය.

2018 වසරේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දි බලන්ගොඩ නගරසභවෙිි බලය එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවා තිබුණ අතර සභාපති චාමික ජයමිණි විමලසේන මහතා සභාපතිවරයා ලෙස වසර හතරක කාලයක් කටයුතු කලේය.

නමුත් චාමික ජයමිණි විමලසේන මහතා විසින් (එක්සත් ජාතික පක්ෂ) 2022 වර්ෂය වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය වාර්තාව ⁣දෙවරක් පරාජයට පත් විම හේතුවෙන් චාමික ජයමිණි විමලසේන මහතා සභාපති දුරයෙන් ඉල්ලා අස්වුවා සේ සලකා සබරගමු පලාත් අාණ්ඩුකාර ටිකිරි කොබිබැකඩුව මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් දැනුම් දිමක් කර තිබුණි.

ඒ හේතුවෙන් නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනිම සදහා පලාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ නගරසභාවෙිදි ඡන්ද විමසිලිමක් සිදු කෙරිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරැ 10 දෙනෙකු පොදුජන පෙරමුණේ වසන්ත ගුණරතත මන්ත්‍රීවරයාට ඡන්දය ලබා දුන්හ.එක්සත් ජාතික පක්ෂයේ එමි.ඩබ්ලිව් විමලසේන මහතා වෙනුවෙන් ඡන්දය 06 ක් ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද හතරකින් වසන්ත ගුණරතත මහතා සභාපතිවරයා ලෙස තේරි පත් විය.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

43,379 views

2 Comments to “බලංගොඩ බලය පෙරලේ..”

  1. ගමයා says:

    පලාත් සභා අපේ රටට බරක් විතරයි. වැඩකට නැහැ.

  2. John the baptice says:

    එන මැතිවරණ වලදී මේ පක්ෂ තුනම බංග වෙනවා වසර 73ක් කෙරුවා හොදටම ඇති.

Main News