බලය බෙදන්න පෙර ආණ්ඩුව දෙකට බෙදේ..

December 11, 2016 at 6:48 pm | lanka C news
බලය බෙදන්න පෙර ආණ්ඩුව දෙකට බෙදේ..

නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම හා ජනමත විචාරණයක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව අභ්‍යන්තරයේ බෙදීමක්‌ හටගෙන තිබේ.

පුළුල් ලෙස බලය බෙදාහැර සම්පූර්ණ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළ යුතු බවටත් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බවටත් ආණ්‌ඩුවේ සිටින එජාපයේ බහුතරයකගේ මතය වී තිබේ.

ඒ සඳහා ආණ්‌ඩුවට අවශ්‍ය ශක්‌තිය ඇති බවට එම පිරිස්‌ පෙන්වා දී තිබේ.

එහෙත් ආණ්‌ඩුවට ජනවරම ලැබී ඇත්තේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකිරීමට පමණක්‌ බවත් එම ජනමතයට අනුව ආණ්‌ඩුව කටයුතු කළ යුතු බවටත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිපයේ පිරිසක්‌ ජනාධිපතිවරයාට කරුණු දැක්‌වීමට සූදානමින් සිටිති.

මේ මොහොතේ ජනමත විචාරණයක්‌ පවත්වා යම් හෙයකින් පරාජයට පත්වුවහොත් ආණ්‌ඩුවේ පැවැත්ම ද කඩාවැටී යහපාලන අරමුණු ඉටුකරගත නොහැකි වනු ඇති බවද එම පිරිස පවසති.

මේ අනුව සම්පූර්ණ ව්‍යවස්‌ථා සම්පාදනයක්‌ සිදුකරන්නේද එසේ නැතිනම් පවතින ව්‍යවස්‌ථාවේ පුළුල් සංශෝධනයක්‌ සිදු කරන්නේ ද යන්න ලබන මාසයේ දී තීන්දු කරන බව ශ්‍රීලනිපයේ ඇමැතිවරයකු පැවසීය.

– දිවයින

16,922 Viewers

5 Comments to “බලය බෙදන්න පෙර ආණ්ඩුව දෙකට බෙදේ..”

  1. asaranaya says:

    මේවා යමපාලකයන්ගෙ උප්පරවෙට්ටි, බොරුවට ශිරි.ල.නිපය දෙකට බෙදීලා කියනේ, පඹසිරාගෙ හැටි ඔබලා නොදන්නේද, අපට කියන්න තියෙන්නෙ පළ ඩෝ! යන්න කියලයි

  2. Vajira says:

    Me patta boru. Mun mea eelanga chande wenakam boruwata ranganawa. Oya kiyana tharam mun degolla aera gannawaanam ayawaeyata viruddhawa chande denda epayae. aduma tharamln chandaya deemen waelakee sitiya yuthuyine, chandrikaata pennala, maithreeta nopenna genaapu budget ekata.

  3. singha01 says:

    Ooh ! Yessss! We believe that. No, really! ‘Pada’ show. Jadapaalanaya will not rest until the country is divided.

  4. jayamal says:

    දේශප්‍රේමී මිතුරනි, මෙය අහලම බලන්න…!

    https://www.youtube.com/watch?v=lMk4EmRh1dg

  5. Dickie Bird says:

    Act fast or else the Rs. 100,000 allo0wance doe the parlimentarians will go into action and raise their hands for a 2/3 majority……………………………

    Our bloody politicians aare total ba&tards sucummbed to bribe by Ranil & the Diaspora,

Main News