බලතල අඩු නොකලා නම් අදටත් මට ජනාධිපති ධුරයේ ඉන්න තිබුණා.. 19 සංශෝධනයට මං විරුද්දයි..

January 25, 2020 at 3:22 am | lanka C news
බලතල අඩු නොකලා නම් අදටත් මට ජනාධිපති ධුරයේ ඉන්න තිබුණා.. 19 සංශෝධනයට මං විරුද්දයි..

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසරක් අඩුකලේ නම් අදටද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සතු අසීමිත බලතල තමන් විසින් පාර්ලිමේන්තුවට, අගමැතිවරයාට හා ස්වාධීන කොමිසන් සභාවට ලබා දුන් බවද ඔහු කියා සිටියි.

කෙසේ නමුත් එම සංශෝධන සිදු කල 19 වන සංශෝධනය නිසා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස අවුල් වී ඇති බවද ඔහු පැවසීය.

ඒ නිසා එම සංශෝධනය ඇතුළු ව්‍යවස්ථාව වහා වෙනස් කළ යුතු බවත් කී සිරිසේන මහතා ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මීළඟ මැතිවරණය තමන් තරග වදින බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති උත්සවයක් අමතමිනි.

267 views

28 Comments to “බලතල අඩු නොකලා නම් අදටත් මට ජනාධිපති ධුරයේ ඉන්න තිබුණා.. 19 සංශෝධනයට මං විරුද්දයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    හැම දේම වෙන්නේ හොදටයි කියලා කතාවක් තියෙනවනේ. මේකත් ඒ වගේ. 19නරක වුනාට ඒකෙන් වෙච්ච හොදක් තමයි මේ ගොබිල අවුරුද්දක් කලින් ගෙදර ගිය එක. නැත්නම් තව අවුරුද්දක් මේක රට කනවා, විහිලු සපයනවා.

  2. Bitter Truth says:

    මොලේ පෑදෙන්න අවුරුදු 4ක්ම ගියා නේද?

  3. Sudesh jayanath says:

    Magey moley thaama morala ne

  4. sajitha says:

    me gon thakayata therenne nae janadipati wunu paliayata vyawasthawa swa kaemettata wenas karanta bae. tho janapatikama thoge ammage appage boodalaya kiyala hitagena ranilata paewaruwanam tho karala thiyenne vyawasthawa ullananaya kireemak.

Main News