බලතල ඉල්ලන සෞඛ්‍ය ගැටුමෙන් කොරෝනා පරීක්‍ෂණ නවතී…

July 19, 2020 at 9:20 am | lanka C news
බලතල ඉල්ලන සෞඛ්‍ය ගැටුමෙන් කොරෝනා පරීක්‍ෂණ නවතී…

සියලුම බෝවන රෝග පාලනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමත් සමග කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අඩාල වන තත්ත්වයක් උදා වී තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා සදහන් කරන්නේ මහජන සෞඛය පරීක්‍ෂක වර්ජනය හේතුවෙන් දැනටමත් කොලඹ නගරයේ කොරෝනා පරීක්‍ෂණ නැවතී ඇති බවයි.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා මහත්මිය සමඟ ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මුල්කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සියලු බෝවන රෝග මර්දන වැඩසටහන්වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

මේ තත්ත්වය මත ප‍්‍රාදේශීය මට්ටමින් සිදුකරන කොරෝනා පරීක්ෂණ කටයුතු අඩාල වීමේ ඉඩකඩක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් යෝජනාවලියක් සෞඛ්‍ය ඇමැතිවරිය වෙත යොමු කර තිබේ.

අවශ්‍යයතාවයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලට වෛද්‍යවරුන් වැඩි පිරිසක් යෙදවීම මගින් කොරෝනා රෝග පාලනය සඳහා බාධාවකින් තොරව කටයුතු කළ හැකි බව ඔවුන් යෝජනා කර ඇත.

261 views

33 Comments to “බලතල ඉල්ලන සෞඛ්‍ය ගැටුමෙන් කොරෝනා පරීක්‍ෂණ නවතී…”

  1. siri says:

    dostharala permit ekata baby la supiri pasal illala strikes karana kota eya veerakamak wana athara anith health workers la strike karanakota jathika aparadayaki

    hospital cleaners la strike karoth ekath docala karai

  2. job says:

    dostharala permit ekata baby la supiri pasal illala strikes karana kota eya veerakamak wana athara anith health workers la strike karanakota jathika aparadayaki

    hospital cleaners la strike karoth ekath docala karai

  3. Wini says:

    පව්

  4. Weni says:

    Janadipatitumani ,kamkaru niladarin balatala gana toru morungan yapemin ankura weyapara wasamin rate artikaya rakiya atiwema wanasamin sitee tawat rata wanasamuda?

  5. Ruwan baba vs sajeewa patiya says:

    phi mahathunge wurtheeya kriya margayata siyaluma phfo niladaringeda sahayogaya labadennemu…apith oba samgay…

Main News