බලන්ගොඩ ඩෙංගු ඉහලට..

May 19, 2019 at 2:18 am | lanka C news
බලන්ගොඩ ඩෙංගු ඉහලට..

බලන්ගොඩ නගරසභා සිමාවෙ ඩෙංගු රෝගය පැතිරිමෙ අවදානමක් මතුව ඇති බව බලන්ගොඩ නගරයේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එල්.කේ.ලාලිත කුමාරසිංහ මහතා පවසයි.

මෙම අවදානම වැඩි වශයෙන් පවතින්නේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන ,ඉදිකිරිමි කේෂ්ත්‍ර ආශ්‍රිතව ,පාසල් සහ පංසල් ආශ්‍රිතව බවට හදුනාගෙන තිබෙන බව ඒ මහතා පැවැසිය.ඩෙංගු මදුරුවන් බෝවිම පාලනය කිරිම සදහා සැම විටම ⁣ සෞඛ්‍ය අංශ විසින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන් ලබාදෙන උපදෙස් අනුගමනය කිරිම සදහා ජනතාව වගබලා ගතයුතු බව කුමාරසිංහ මහතා පැවැසිය.

එම උපදෙස් ඇතැමි ආයතන වල නිළධාරීන් මෙන්ම ජනතාව ⁣නොසැලකාහැරිම හේතුවෙන් ඩෙංගු මදුරැවන බෝවිම පාලනය කිරිමට නොහැකි විමෙන් නගරසභා සිමාවෙ ඩෙංගු මදුරැවන් බෝවන ස්ථානය ඉහළ ගොස් ඇති බවද හෙතෙම කිිය.

මෙ හේතුවෙන් ඩෙංගු රෝගින්ගේ ඉහල යැමක් වාර්තා වෙමින් පවතින බවත් ලබාදෙන උපදෙස් අනුගමනය නොකර අයට එරෙහිව නිවෙිදන නිකුත් කිරිමට මෙන්ම නඩු පැවැරිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරී වරයා වැඩිදුරටත් පැවැසිය.

– සම්පත් ප‍්‍රියවර්ධන

78 views
Main News