බලපිටිය සභාව ගාලගෝටියක් වේ.. පොහොට්ටු සභාපතිට විරුද්ව පොහොට්ටු මන්ත්‍රීලා ගාළු පාරේ බිම වාඩි වී විරෝධතා..
August 21, 2019 at 5:30 pm | lanka C news
බළපිටිය ප්‍රාදේශීය සභාව, කොස්ගොඩ බල ප්‍රදේශයට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන්නේ යැයි බළපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයාට කොස්ගොඩ බල ප්‍රදේශයේ පොදු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බළපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බිම වාඩි වී විරෝධය දැක්වූයේය.
පොජපෙ නියෝජනය කරන මුතුමුණි සංජය මදුසංඛ, නිලන්ත ද සොයිසා, දිල්හානි තාබ්‍රෙව්, ශාමිලා ගයා ශාන්ති, අර්නස්ට් මැන්දිස්, නිලානි ද සිල්වා, නිහාල් ද සොයිසා, එජාපයේ ටොරී තාබ්‍රෙව්, කල්යානි මැන්දිස්, පවරසිරි ද සොයිසා සහ ශ්‍රීලනිපයේ නයනා කුමාරි යන පිරිස සභාව ඉදිරිපිට ගාලු පාරේ බිම වාඩි වී මෙසේ විරෝධතාවයකද නිරත විය.
පුර නැගුම ව්‍යාපෘතිය යටතේ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලක් බළපිටිය නගරයේ ඉදිකළ යුතුයැයි බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන් සමන් ද සිල්වා මහතා ප්‍රාදේශීය සභා රැස්වීමට ගෙනෙන ලද යෝජනාක් එක් වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් මෙසේ සභාපතිවරයාට විරෝධය දැක්වූයේය.
– ජයකාන්ත ලියනගේ
යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය වශයෙන් බෙදී සිටි මන්ත්‍රීවරුන් බළපිටිය හා කොස්ගොඩ වශයෙන් දෙකට බෙදී යෝජනාවට පක්ෂ හා විපක්ෂ වීම හේතුවෙන් සභාව එකම ගාල ගෝට්ටියක් බවට පත්විය. පාලක පොදුජන පෙරමුණේ කොස්ගොඩ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ගාලු පාරේ බිම වාඩි වෙමින් විරෝධතාවයක නිරත විය. ඔවුන්ට කොස්ගොඩ ප්‍රදේශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරයෙක්ද එක්ව සිටියේය.
සභාපති එන් සමන් ද සිල්වා (පොජපෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ලබාදීමට නියමිත අතිරේක ප්‍රතිපාදන යොදවා ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය පිටු පස වාහන ගරාජය තිබෙන ස්ථානයේ සභා රැස්වීම් ශාලාවක්, සම්මන්ත්රණ ශාලාවක්, මාතෘ සායනය, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ඇතුළත් වන පරිදි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුදුසු ඒ මහතා යෝජනා කළේය.
එහි දී අදහස් දැක් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත ද සොයිසා මහතා (ශ්‍රීලපොපෙ) අදහස් දක්වමින් කොස්ගොඩ ප්‍රදේශයට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබෙන බැවින් එම මුදල යොදවා කොස්ගොඩ උප කාර්යාලය සංවර්ධනය කරන ලෙස ඉල්ලා සිටියේය. එම ප්‍රකාශයට පක්ෂව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන මුතුමුණි සංජය මධුසංඛ ද සිල්වා, දිල්හානි තාබ්‍රෙව් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ටොරී තාබ්‍රෙව් අදහස් දැක්වූයේය.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී යසරත්න මහතා කොස්ගොඩට අදාලව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළහොත් තමා මැදිහත් පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ලවා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දිය හැකි බව ප්‍රකාශ කළේය. පසුව සභාව විනාඩි දහයකට (10) කල්තබා සභාපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසූ අවස්ථාවේදි යෝජනාවට පක්ෂව ඡන්ද 13 ක් හා විපක්ෂව ඡන්ද 12 ක් ලැබී කොස්ගොඩ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ යෝජනාව පරාජයට පත්විය. මෙහිදී මන්ත්‍රීවරුන් 06 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා ලැබී තිබෙන රුපියල් ලක්ෂ පන්සියයක මුදල කොස්ගොඩ සංවර්ධනයට යොමු කරන තෙක් මෙම සටන ඉදිරියට කරගෙන යන බව මෙහිදි අදහස් දැක්වු මුතුමුණි සංජය මදුසංඛ මහතා ප්‍රකාශ කළේය.
සභාපති එන් සමන් ද සිල්වා (පොජපෙ) මෙහිදි අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉදිරි අයවැයේ දී කොස්ගොඩට ප්‍රමුඛත්වය ලබා දී මුදල් වෙන් කරන බවයි.
pohottuwe hati