‘බලමු රජවෙන්නේ කොහොමද කියලා..’- මතු රජවන නාමල් රාජපක්‍ෂට දයාසිරිගෙන් ප‍්‍රහාරයක්..

January 15, 2022 at 10:02 pm | lanka C news
‘බලමු රජවෙන්නේ කොහොමද කියලා..’- මතු රජවන නාමල් රාජපක්‍ෂට දයාසිරිගෙන් ප‍්‍රහාරයක්..

ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (15) ප්‍රතිචාර දැක්විය.

ඒ හම්බන්තොට පැවති නිදහස් පක්ෂ සම්මේලනයකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය අද අඟුණකොළපැළැස්ස පුරහලේදී පැවැත්වුණේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“මේ ටිකේ දිගටම අහන්නේ ආණ්ඩුවෙන් යනවද කියලා. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා පත්තරේ කරපු සම්මුඛ සාකච්ඡාව අරන් බලන්න. එතුමා කියන්නේ මගේ ආණ්ඩු කාලයේ මාත් එක්ක හිටියා සමසමාජේ, කොමියුනිට්ස්. ඒ අයත් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රශ්න ඇතිවුණේ නෑ කියලා එතුමා කියනවා.”

“හැබැයි අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා…ඊයේ පෙරේදා කියනවා. ශ්‍රීලනිපයට යන්නලු. තැන් තැන්වල අඬන්නේ නැතුව. ඒගොල්ලන් දැන් එහෙමනම් අපිට කතා කරන්නේ..අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු.”

මේ අතර අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපිට කටවල්වලට අගුල් දාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. ජනතාවගේ ප්‍රශ්න කැබිනට් එකේදි වගේම එළියෙත් කතා කරන්න වෙනවා. ඒවා කතා කරනකොට දේශපාලන අඳබාලයින් කතා කරන්න පටන් අරගෙන.”

– ada derana

67,789 views

11 Comments to “‘බලමු රජවෙන්නේ කොහොමද කියලා..’- මතු රජවන නාමල් රාජපක්‍ෂට දයාසිරිගෙන් ප‍්‍රහාරයක්..”

  1. සුදර්ශන says:

    කුමාරවරුන් ට, බලේ අතේ තියාගෙන සිංහල අවුරුද්ද කන්න ලැබෙයිද කියලා බලමුකෝ.

    වෙසක් පෝය වෙනකොට කටියම කම්බි කුරු ගණන් කොර කොර ඉඳීවි.

    මේ පලදෙන්න පටන් අරන් තියෙන්නේ මොන සාපේද කියලා මුළු රටම දන්නවා.

  2. Saradiel says:

    නාමල් හිතන්නේ මේ රටේ සිටින්නේ ගොන්නු කියලද ? කවදාවත් නාමල්ට රජ වෙන්න බැහැ ..කොටුවේ පොඩි හාමුදුරුවෝ රැවටුනාට රටේ ජනතාව දැන් රැවටෙන්නේ නැහැ …සිහින මවන්න එපා ..මුදල් වලට ජනතාව රැවටීමට නොහැක මේ රට රාජපක්ෂ පවුලේ බුදලයක් නොවේ

    • SI Kotuwe says:

      කොටුවේ හාමුදුරුවෝ රෙදි නැතිව ෆොහොට්ටුවට කඩේ ගිය බත් බැලයෙක්. පස්සේ තනතුරු ඉල්ලලා කරදර කරපු ගමන්ම අර බාලාපරාධ කෙස් එක ඇල්ලුවා. ඒ පොඩි දැරිවියට මේකා එක රැයකට 35,000/= ගානේ 29 දවසක් දීලා තියෙන්නෙත් අපේ සල්ලි තමයි. අනෙක අර මහා රැට යවලා තියෙන කුණුහරුප SMS සියගණන බැලුවනම් අපිටත් සංසාරේ එපාවෙනවා චීවරධාරියෙක් මෙහෙම වනචර විකුර්ති කාම වැඩ කරයිද කියලා. පව් මුත් රාජපක්ෂලාගේ කොන්ඩම් තියරි එකට අහුවුනා. (වැඩේ කරගත්තට පස්සේ විසිකරලා දාන එක)

  3. Jagath says:

    මුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ. 😂

  4. ලපයා says:

    ලංකාවේ ක්‍රිකට් කාපු හිටන් හුටං රිලසිරිය ආප්පයව රජකරවයි .

  5. Nalaka says:

    Topi okkoma elanga Para gedara ehema nattam hita gedara. Namal uttamaya Nam kohomath kuuru ganan karai.. Topi me rata Kawa madiwata loku talk Dena eka tawama tiyenawa… Kawda oi SLFP ekata aye chande denne… Tope Maha eka pakshaya Kawa ranil a unp eka Kawa wage… Pohottuwa’s appala, bappala, putala, amatiyo Kawa.. Topi ekek ath elanga Para nata..

  6. හසිත says:

    නාමල්ව බලෙන් රජකරවන්න නොහකියි නායකයො බිහිවෙන්න ඔනා නාමලුත් මහින්දත් ඒක හිතට ගන්න ඕනා නමුත් එදා චන්ඩ්‍රිකාගේ රට බෙදන ෆෙඩරල් වියවස්තාව කරේ තියාගෙන සුදුනෙලුම තවලම් මන්ගල එක්කගිය දයාසිරිට නම් මේ රටේ නායකත්වයට කිසිසේත් අපි ලබා දෙන්නෙ නේ

  7. Sam says:

    Ko den ara Kotuwe Podi Kalakanniya.

  8. chamil says:

    Mehemai ban ubala mokak hari ata magalayak gahala 2024 bale gaththoth 2030namal enna bari kamakuth naha…

  9. Dengu Nona says:

    Naamal kiyanne Mona Sipayiyeka? Munta dan pissu!! Rajapaksalaage Kaale ivarayi, Huththo!!

  10. Sunil Perera says:

    තාත්ත වගේම බොරුවෙන් වංචාවෙන් තක්කඩිකමින් වැඩ කරන නාමල් වගේ එකෙක් රජ කලොත් , ඒ වැඩේ කරන බූරුරැලට තමයි මඩු වලිගෙන් ගහන්න ඕන….