බලය අතහැර එජාපය වේලාසනින්ම පරාජය බාරගනී…

November 7, 2019 at 6:27 am | lanka C news
බලය අතහැර එජාපය වේලාසනින්ම පරාජය බාරගනී…

හිරු බලය වැඩසටහන සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නීතිඥ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරුන් එක්වූ අතර රජය නියෝජනය කරමින් වැඩසටහන හා එක් වීමට නියමිතව සිටි ජේසී අලවතුවල රාජ්‍ය අමාත්‍යවරයා සහ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා වැඩසටහනට එක් නොවූහ.

නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් හිරු බලය වැඩසටහන සුපුරුදු ලෙස පවත්වාගෙන යන ලද අතර විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉතා හොඳ පූර්ව සූදානමකින් පැමිණ සිටි බව වැඩසටහන පුරාවට දක්නට ලැබිණි.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා අනාගතයේ දී ශ්‍රී ලංකාවට හිමි වන භයානක ඉරණම පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය. මීට පෙර ඇමරිකාව හා මෙවැනි ගිවිසුම් වලට එක්වූ මැඩගස්කරය වැනි රටවලට අත් වූ ඉරණම මෙහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා පැහැදිලි කරන ලදී.

එමෙන්ම දෙමළ සන්ධානය විසින් ජනපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන ලද කොන්දේසි ප්‍රභාකරන්ගේ ඉල්ලීම් වලටද වඩා භයානක බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ සන්ධානයේ සහයෝගය ලැබී ඇත්තේ එම කොන්දේසි ඉටු කිරීමට පොරොන්දු වූ නිසා බවට ප්‍රකාශ කර සිටියේය.

වැඩසටහන හා එක් වූ රෝහිත බේගුණවර්ධන මන්ත්‍රිවරයා දෙමළ සන්ධාන යෝජනා සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශයටද අඩංගු කර ඇති බව පෙන්වා දුන්නේය. එමෙන්ම එජාපයේ සජිත් පිල හා රනිල් පිල අතර ගැටුම අද වන විට පැහැදිලිවම දක්නට ලැබෙන බවද ඒ මහතා විසින් සඳහන් කළේය.

කෙසේ වෙතත් එජාප මන්ත්‍රිවරුන් මෙම වැඩසටහන මගහැරීම පිලිබඳව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ චෝදනාව වූයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙන්ම ඔහුට සහාය පළ කරන එජාප මන්ත්‍රිවරුන්ද රූපවාහිනි විවාද මගහැරීමට දැන් කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම වැඩසටහන හා දුරකථනයෙන් සම්බන්ධ වූ ප්‍රේක්ෂකයන් ද එජාප මන්ත්‍රිවරුන් මෙම වැඩසටහනට සහභාගි නොවීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කර සිටියේය.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

40,472 Viewers

5 Comments to “බලය අතහැර එජාපය වේලාසනින්ම පරාජය බාරගනී…”

  1. ඕෂධ says:

    U.n.p එකෙන් තීරනයක් ගත්තා කුඩු නාලිකා වර්ජන කරන්ඩ

  2. ගෝටා බයයි says:

    කුඩු මල්ලිව හිරෙන් බේරගන්න දඟලන කුඩු චැනල් ප්‍රමෝට් කරන්න පොහොට්ටුවේ සක්කිලි දැඟලුවට අනිත් උන් පලිද? පාලු ගෙයි වලං බිඳිනවා උන් ඇවිත්. අර නන්දසේනයට කියපල්ල සජිත් එක්ක මුහුණට මුහුණ හැප්පෙන්න කියලා බයිලා නැතුව. සජිත් කිව්ව ගමන් ඌට චූ යනවා කලිසමේ.

  3. SLCommunity says:

    BAKA BAKA PADS MAANS ge kattiya koooo awith nadda? Ha Ha Ha…..

  4. Anoosh says:

    Steps steps Lawyer Udaya Gammanpila, and most culprit Rohitha Abeygunawardena should first solve their home faction between Dayasiri led SLFP and Basil led Pohottuwa and tell your American Purawasi to come and debate first with Hon. Sajith. Later, Pure as white Hon. Sajith pure will participate at BALAYA FISH PROGRAM.

  5. guru says:

    අගමැති ජාතිය අමතයි –2
    බලන්න 62 ලක්ෂයක් ජනතාව අපෙන් ඉල්ලූ දේවල් වැඩිත් එක්ක අපි දීල තියෙන්නේ .
    බඩු මිළ වැඩි කරන්න කියල ඉල්ලුවා ,ජිවන වියදම ,උද්ධමනය වැඩි කරන්න කිව්වා .ඒවාට අමතරව ඩොලරයත් වැඩිකරා .බදු වැඩිකරා ,වැට් වැඩිකරා .ඉතිං අපි නරකද ?
    ව්‍යාපාර බංකොලොත් කරා ,ගොවිතැන ඉවර කරා . අපනයනයත් ඉවරයි .විශ්‍රාම වැටුප් එපා කිව්ව නේ ,ඔන්න අපි ඒකත් නැවැත්තුව.රැකියා එපා කිව්වා නේ ඒකත් කරා .
    හොරකං කරන්න කියල බේරෙන්න බැරිව ගියා .මහ බැංකුවෙන්ම වැඩේ පටන් ගත්ත .විදුලිය කපන්න කියල හරිම ජරමරේ .ඒකත් කොහොම හරි කරා .ඇදිරි නීතිය ඉල්ලුව ,හදිසි නීතිය ඉල්ලුව ඒවත් දුන්න .
    තැන තැන බෝම්බ පුපුරනව දකින්න ආසයි කිව්ව .ඔන්න ඒකත් කරල පෙන්නුවා .ආයිත් ඉස්කෝල මුර කරන්න ඕනය කියල අම්මලාගෙන් වදේ .බැරිම තැන ඒකත් කරා .
    රට විකුනං කන්න කිව්වනේ ,වරායට වැඩේ දුන්න ,ඉඩම් ටිකත් හරි .ඒ වුනාට මදි ,මුන් කෑ ගහනව නේ .කරන්න දෙන්නේ නෑ .
    ඔන්න ඉතිං චෙක් පොයින්ටුත් දාල තියෙන්නේ .සංවර්ධනෙත් නෑ නේ .තව මොනවයින්ද අඩු .සතුටුයිද දැන් ?
    මෙහෙම ජනතාව ඉල්ලපු දේවල් කරපු ආණ්ඩුවක් කවදාවත් තිබුනද ?ඕක හින්ද නේ අර සඟ ගණය මට නියත විවරණ දුන්නෙ ඉතිරි ටිකත් කාපිය කියල .

Main News